*
Friday, October 11, 2024
spot_img

Latest Posts

තරුණ තරුණියන් ලක්ෂ 36ට රැකියා සම්පාදනය නොකර ආර්ථිකය ගොඩනැගීම ගැන කවර කතාද ? – ධම්මික පෙරේරා

සටහන – රුවන් නෙළුගොල්ල

ආර්ථිකය ගොඩනැඟීමේ අත්තිවාරම යනු රටේ තරුණ පරපුරට රැකියා සැපයීමේ වැඩපිළිවෙල සකස් කිරීම බවත් ඒ ගැන කතා නොකර ආර්ථිකය ගොඩනැඟීම ගැන කතා කිරීම යනු අත්තිවාරම නොදමා වහල හැදීමට කතා කිරීමක් වැනි දෙයක් බවත් ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

“මේ රටේ වයස අවුරුදු 18ත් 28ත් අතරේ ලක්ෂ 36ක පිරිසක් සිටිනවා. ආර්ථිකය හදනවාය කියන්නේ මේ ලක්ෂ 36ට රැකියාවල් සපයන එක. ඒකේ අත්තිවාරම දැමීමයි අපි ඩීපී එඩියුකේෂන් හරහා මේ කරන්නේ.
අද වේදිකාව මත හැමෝම ආර්ථිකය දියුණු කරනවාය කියලා කියනවා. ඔබට එම වචන ටික ඇහිලම හුරු ඇති. ඔබ දන්නවා ගෙයක් හදනවා නම් පළමුවෙන්ම අත්තිවාරම දැමිය යුතුයි. එහෙම නැතිව කව්රුහරි අත්තිවාරම ගැන කථා නොක මම ගේ හදන්න උළුටික ගෙනාවා කියලා, ඔබ දන්නවා ඒ කියන්නේ බොරුවක්ය කියලා. එයා ගේ හදන්න දන්නෙ නැහැ කියලා. ඒ වගේම තමයි කව්රු හරි ආර්ථිකය හදනවා කියනවා නම් මේ තරුණ තරුණියන් ලක්ෂ 36ට රැකියා දෙන එකයි ඒ ආර්ථිකයේ අත්තිවාරම විය යුත්තේ. එය කථා නොකර ආර්ථිකය හැදිමක් ගැන කථා කරනවා නම් ඒ අත්තිවාරම ගැන කථා නොකර වහල ගහන්න කථා කරනවා වගේ දෙයක්”

ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (11) හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණයේදී පැවති බස්නාහිර පළාත් ඩීපී අයි.ටී කැම්පස් සිසුන් හට සහතිකපත් බෙදාදීමේ උත්සවය අමතමිනි.

මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය සහ පූජක පක්ෂය මෙන්ම සිසුන් දෙමාපියන් ඇතුළු 12,000ක පමණ දැවැන්ත ජනකායක් මෙම උත්සවයට සහභාගී වී සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා, කාලයේ තාලයට යාවත්කාලීන නොවන අධ්‍යාපනයකින් ඇති ඵලය කුමක්දැයි ප්‍රශ්න කළ අතර එම අධ්‍යාපන රික්තකය පිරවීමට ඩීපී එඩියුකේෂන් හරහා කටයුතු යොදා ඇති ආකාරය‍ පෙන්වාදුන්නේය.

මෙරට ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් අධ්‍යාපනයේ වැදගත්කම තබා තමන් විසින් හඳුන්වාදුන් ඉතා වැදගත් වෙනත් ප්‍රායෝගික වැඩසටහන් හෝ ක්‍රියාත්මකව නැතැයිද ධම්මික පෙරේරා මහතා මෙහිදී උදාහරණ සහිතව පැවසීය.

“මම අද මෙතැනට එනකොට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පසුකරගෙන ආවා. ඒ 2012- 2014 අතරේ මම එදා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් හැටියට සිටිද්දී හදපු ව්‍යාපෘතිය. එය තමයි කොළඹ නගරයේ ප්‍රවාහනය දියුණු කිරීමේ පළවෙනි පියවර ලෙසින් සැලසුම් වුනේ. ඒ ව්‍යාපෘතියට අනුව දුර සිට පැමිණෙන බස් මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා මගීන් රැගෙන පැමිණ එතැනින් එහාට කොළඹ කොටුව දක්වා ‘සිටි බස්’ ඔස්සේ ශීඝ්‍රගාමී සහ මන්දගාමී බස් රථ සේවාවක් සකස් කිරීමටයි සැලසුම් කළේ. නමුත් ගොඩනැගිලි ටික හැදුවා. ඉන් එහාට මොකුත්ම වුනේ නැහැ. මෙයට අවශ්‍ය වුනේ බස් 50ක් සේවයේ යෙදවීම පමණයි. මෙයින් පසුව මොරටුව දුම්රියපොළ, පිළියන්දල, මාලඹේ, කඩවත, රාගම දුම්රියපොළ, ජාඇල දුම්රියපොළ යන ස්ථානවල මෙවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ‘සිටි බස්’ ප්‍රවාහන පද්ධතිය හදන්නයි අප සැලසුම් කළේ. නමුත් 2014 ඉඳලා අද දක්වාම ඒ නියමු ව්‍යාපෘතියට අයත් බස් 50වත් ගෙන්වුවේ නැහැ. නමුත් අපි මොනොරේල් දාන්න කථා කරනවා” යැයි ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. මේ වනවිට ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛා 145ක් දිවයින පුරා විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති අතර ඒ ඔස්සේ දැනට පරිගණක භාෂා පාඨමාලාව හදාරණ සිසු සිසුවියන් සංඛ්‍යාව 168,000 කි. ඔන්ලයින් ක්‍රමයට මෙම පාඨමාලාව හදාරණ සිසු සිසුවියන් සංඛ්‍යාව 120,000 කි. ඒ අනුව මේ වනවිට සමස්ත සිසු සිසුවියන් 288,000ක් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් හරහා රැකියා ඉලක්කගත පරිගණක භාෂා පාඨමාලාව හදාරමින් සිටිති.

ඔබේ දරුවාත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන, රැකියා ඉලක්කගත පරිගණක භාෂා පාඨමාලාවකට යොමුකිරීම සඳහා ඔබට ළඟම පිහිටි ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාව සමග සම්බන්ධ වීමට මෙතැනින් යොමුවන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan