ජන ජීවිතයන් සහ මහජන දේපල ආරක්ෂා කරගමු….

Date:

සමහරක් අය කළු කොඩි දාගෙන කියනවා “ජනතා විරෝධය මර්ධනය කරන්න හදන ආණ්ඩුවට අපේ විරෝධය” කියලා. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිම උවමනාවක් නෑ ජනතා විරෝධය මර්ධනය කරන්න. මේ අවුරුදු දෙකක් තුළ රටේ මොන තරම් උද්ඝෝශණයන් සිද්ද කරාද? මොන තරම් විරෝධයන් පෑවාද? ඒත් ඒ එකක්වත් මර්ධනය කරන්න ජනාධිපතිතුමා කටයුතු කරේ නෑ. අඩුම තරමින් ජල ප්‍රහාරයක්වත් එල්ල කරේ නෑ. ජනතා විරෝධයන් මර්ධනය කරන්න හදනවානම් ඔය වැඩේ ජනාධිපතිතුමාට කරන්න තිබුනේ බලයට ආපු දවසේ ඉඳන්. ඒ නිසා රටේ ජනතාව තේරුම් ගන්න ඕනි මෙතන ජනතා විරෝධයන් මර්ධනය කිරීමක් නෑ කියන එක.

අපි දන්නවා රටේ විශාල ආර්ථික අර්බුධයක් තියෙනවා කියලා. හැබැයි සමහරක් දේශපාලන පක්ෂවල් උත්සාහ කරමින් ඉන්නේ මෙම ආර්ථික අර්බුධය දේශපාලන අර්බුධයක් බවට පත් කරලා රට අස්තාවර කරලා බලය ලබා ගන්නයි. ඒ වෙනුවෙන් ඔවුන් ඕනෑම දෙයක් කරන්න සූදානමින් ඉන්නේ. ඔවුන් රටට පෙන්න සාමකාමි විරෝධතාවයන්වල නිරත වෙලා ඉන්නවා කියලා කිව්වත් ඇත්තටම ඔවුන්ට අවශ්‍ය සාමකාමි විරෝධතාවයක් දක්වන්න නෙමෙයි. මේ ආර්ථික අර්බුධය දේශපාලන අර්බුධයක් බවට පත් කරගන්න නම් සාමකාමි විදියට උද්ඝෝශණ කරලා හරි යන්නේ නෑ. එහෙනම් මේ විරෝධතාවයන් වලින් මිනිස්සු කීප දෙනෙක් පරළොව යන්න ඕනි , රාජ්‍ය දේපලවල් ගිණිබත් වෙන්න ඕනි. එහෙම උනොත් තමයි දේශපාලන අර්බුධයක් බවට පත් කරලා බලය ලබා ගන්න පුලුවන් වෙන්නේ. අපි දැක්කනේ මීරිහානෙත් පටන් ගත්තේ සාමකාමි විරෝධතාවයක් විදියටනේ? ඊටපස්සේ මොකක්ද උනේ? මිලියන 39ක පොදු දේපල විනාශ කරා. දැන් ආයෙත් ඔය වැඩේම කරන්න ඉඩ දීලා ජනාධිපතිතුමා නිකන් ඉන්න ඕනිද?

හදිස්සි නීතිය සහ ඇඳිරි නීතිය දැම්මේ ජනතා විරෝධයන් මැඩ පවත්වන්න නෙමෙයි. ජනතා විරෝධය හරහා මිනිස් ජීවිත බිලිගන්න , රාජ්‍ය දේපල විනාශ කරන්න බලන් ඉන්න තුට්ටු දෙකේ දේශපාලුවන්ගෙන් ජනතාවගේ ජීවිතයන් වගේම රාජ්‍ය දේපලවල් ආරක්ෂා කරගන්නයි. ඇඳිරි නීතිය දැම්මට පසුවත් ඊයේ රාත්‍රියේ ඉඳන් මේ වෙනකම් රටේ කීප තැනකම ඉතා සාමකාමිව උද්ඝෝශණ කරනවා. හැබැයි ඒ කිසි කෙනෙක්ට ආණ්ඩුව හිරිහැරයක් කරේ නෑ. ඔවුන්ට දැනුත් අවස්තාව දීලා තිබෙනවා තමන්ගේ අයිතීන් වෙනුවෙන් සාමකාමි උද්ඝෝශණයන් කරන්න. ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝශණ කරන එක නවත්වන්න නම් හදිස්සි නීතියයි , ඇඳිරි නීතියයි දැම්මේ ඔය කිසිම කෙනෙක්ට උද්ඝෝශණ කරන්න ආණ්ඩුව ඉඩ දෙන්නේ නෑ. නමුත් එහෙම උනේ නෑ.

අවුරුදු දෙකක් ඉවසලා ඉවසලා ඉඳලා රටේ භීශණයක් ඇති කරන්න හදපු අයට විරුද්ධව අවම බලය පාවිච්චි කරන්න ගත්තම , හදිසි කීතිය සහ ඇඳිරි නීතිය පනවන්න තීරණය කරාම “ආණ්ඩුව මර්ධණයකට සැරසෙනවා” ගගා විකාර කියන කට්ටියට මතක නැද්ද යහපාලන ආණ්ඩුවේදි ආබාධිත රණවිරුවන්ට වගේම , සංඝ්‍යා වහන්සේලටත් එලව එලව පහර දීපු හැටි? යහපාලනය එදා ඉඩ දුන්නද මිනිසුන්ගේ සාධාරණ අයිතීන් වෙනුවෙන්වත් පෙනී හිටින්න? යහපාලන ආණ්ඩුවට විරුද්ධව සමාජ මාධ්‍ය හරහා හඬ අවදි කරපු කී දෙනෙක්ව යහපාලුවන් අත්තඩංගුවට ගත්තද? අද අපිට ඒ කිසිවක් මතක නෑ. හැබැයි අද ජන ජීවිතයන් සහ මහජන දේපලවල් ආරක්ෂා කරගන්න ආණ්ඩුව කටයුතු කරද්දි අපිට ඒක පට්ට අවුල්.
මන් කියන්නේ නෑ අපේ අයිතීන් වෙනුවෙන් හඬ අවදි කරන්න එපා කියලා. අපි අපේ අයිතීන් වෙනුවෙන් හඬ අවදි කරමු , හැබැයි ඒ හඬ අවදි කිරීම හරහා රට අරාජිකත්වයට ඇද දමලා දේශපාලන වාසි ලබා ගන්න බලාගෙන වැඩ කරන පහත් මිනිසුන්ගේ ඉත්තෙක් නොවි අපි අපේ අයිතීන් වෙනුවෙන් සාමකාමිව පෙනී ඉමු. එහෙම නැතුව එක එකාගේ උගුල්වලට අහුවෙලා වැඩ කරන්න ගියානම් මේ රට සම්පූර්ණයෙන්ම අරාජිකත්වයට පත් වෙනවා. එහෙම උනොත් මීට පස්සේ කවුරු බලයට ආවත් ඔවුන්ට මාස 6ට වඩා රට පාලනය කරන්න බැරි වෙනවා වගේම රට විශාල ආඝාධයකට ඇද වැටෙනවා.

බුද්ධියෙන් වැඩ කරමු.
මොහමඩ් අක්රම්. Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...