අනුර දකුණු පළාතෙන් ජනාධිපතිවරණ සටන ඇරඹීමට සූදානමින්. පළමු දවසේම මහා ජන රැලි තුනක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අගෝස්තු 17 වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපේ මැතිවරණ ව්‍යාපාරය 17 වෙනි සෙනසුරාදා ආරම්භ කරන්න අපි තීරණය කරලා තිබෙනවා. 17 වෙනි සෙනසුරාදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේදීත් මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේදීත් ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරයේදීත් ප්‍රධාන මහා රැලි තුනක් පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි ලංකාවේ සෑම ආසනයකම උතුරු නැගෙනහිර පළාත් ඇතුළත්ව මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා තිබෙනවා. සෑම මං සන්ධියකම, උප නගරවල තවත් රැස්වීම් මාලාවක් සකස් කරලා තිබෙනවා. ඒ වගේම ගම්මාන මට්ටමින් කුඩා ජනහමු හා නිවෙස් ආශ්‍රිතව කරන සාකච්ඡා අපි ආරම්භ කරලා තිබෙනවා. ඒක තමා අපේ ප්‍රධාන වශයෙන් තිබෙන ජනහමු මාලාව”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...