අනුර දකුණු පළාතෙන් ජනාධිපතිවරණ සටන ඇරඹීමට සූදානමින්. පළමු දවසේම මහා ජන රැලි තුනක්

සටහන – රුවන් නෙළුගොල්ල

තම ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අගෝස්තු 17 වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපේ මැතිවරණ ව්‍යාපාරය 17 වෙනි සෙනසුරාදා ආරම්භ කරන්න අපි තීරණය කරලා තිබෙනවා. 17 වෙනි සෙනසුරාදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේදීත් මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේදීත් ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරයේදීත් ප්‍රධාන මහා රැලි තුනක් පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි ලංකාවේ සෑම ආසනයකම උතුරු නැගෙනහිර පළාත් ඇතුළත්ව මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා තිබෙනවා. සෑම මං සන්ධියකම, උප නගරවල තවත් රැස්වීම් මාලාවක් සකස් කරලා තිබෙනවා. ඒ වගේම ගම්මාන මට්ටමින් කුඩා ජනහමු හා නිවෙස් ආශ්‍රිතව කරන සාකච්ඡා අපි ආරම්භ කරලා තිබෙනවා. ඒක තමා අපේ ප්‍රධාන වශයෙන් තිබෙන ජනහමු මාලාව”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027...

BYD RACCO විදුලි මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම,...

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...