කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර ජනාධිපතිවරණයට එන්නේ කොමියුනිස්ට් පක්ෂයෙන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මව්බිම ජනතා පක්ෂයේ නායක, කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඊයේ (13) ඇප මුදල් තැන්පත් කළේය.

ඒ මහතා එසේ ඇප මුදල් තැන්පත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙනි.

අංක 91, ආචාර්ය එන්. එම්. පෙරේරා මාවත, කොළඹ 08 ලිපිනයේ පදිංචි ගීගනගේ වීරසිංහ යන අය විසින් දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට එරෙහිව කොමියුනිස්ට් සමාජයක් බිහිකිරීම අරමුණු කරගෙන වාමාංශික දේශපාලනයක් කිරීමට පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අවසානයේ කෝටිපති ව්‍යාපාරිකයකුට කුලියට දීමට සිදුවීම ද දෛවෝපගත සිදුවීමක් වශයෙන් හැඳින්විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...