සටහන – රුවන් නෙළුගොල්ල
මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ලංකා පොදුජන පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් තරග වැදීම සඳහා ජනක රත්නායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඔහු වෙනුවෙන් එම පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේමකුමාර විසින් අද (14) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇත.
කෝටිපති ව්‍යාපාරිකයකු වන ජනක රත්නායක මහතා 2021 – 2023 සමයේදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර ආණ්ඩු පක්ෂය සමග ඇතිකරගත් ගැටුමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ඔහුව එම තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබිණි.