*
Tuesday, October 8, 2024
spot_img

Latest Posts

වැසී තිබුණු වීසා දොර හැරේ

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 15, (LNW) කොළඹ :

ලංකාව අමුතුම ජාතියේ රටකි.ලෝකයේ රටකින් වීසා ලබා ගන්නට නොහැකි තත්ත්වයට රට පත් කර ඇත්තේ මේ රට මේ දක්වා පාලනය කළ ඇත්තෝය.ඒ පාලකයන් විසින් ක්‍රීඩාව පාලනය කරන්නට ගොස් ලෝකය ඉදිරියේ ක්‍රීඩාව ද තහනමට ලක් කළ බව අපි පසුගිය කාලයේ දුටුවෙමු.
එවැනි තත්ත්වයක කමිඳු මෙණ්ඩිස්ට සහ ජෙෆ්රි වැන්ඩර්සේ ට එංගලන්ත සංචාරය සඳහා වීසා නිකුත් කිරීමට පමා වීම ගැන විවිධ පුවත් පළ විය.එහෙත් එම තත්ත්වය නිවැරදි කර ඊයේ (අගෝස්තු 14) වන විට එම දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සමත් විය.
මේ ක්‍රිකට් සඳහා ඇති හැකියාව අන් ක්‍රීඩාවලට නොමැත.මෑත වසර කිහිපය තුළ මලල ක්‍රීඩාවේදී ක්‍රීඩකයින් එවැනි අපහසුතාවයන්වලට පත්වන බව අපි දුටුවෙමු.ඔලිම්පික් සහභාගීත්වය සඳහා සුදුසුකම් ලැබීමට ආසන්නව සිටි ශ්‍රී ලංකා මීටර් 400 පිරිමි සහය දිවීමේ කණ්ඩායමට පැරිස් දොර වැසී ගියේ ද,බාර්බඩෝස් ලෝක සහය දිවීමේ තරගාවලියට යාමට වීසා ලබා ගැනීමට නිසි වේලාවට නොහැකි වීම නිසාය.


මේ ආකාරයට වීසා ගැටළු නිසා පසුගිය කාලයේ දී බොහෝ ක්‍රීඩාවල ක්‍රිඩක ක්‍රීඩිකාවන් විශාල පීඩනයකට ලක් වූ බව අපි දනිමු.එයට එක හේතුවක් හැටියට ක්‍රීඩකයින් විදෙස් රටවලදී පැන යාම බල පෑ බවද ඇත්තය.ඇත්තටම ක්‍රීඩකයින් පමණක් නොව එවැනි සංචාරවලට එකතු වූ මාධ්‍යවේදීන් ද පැන ගොස් ඇති බව ඇත්තය.ජාතඛ ඔලිම්පික් කමිටුවට ද එහි ඇතැම් නිලධාරීන්ට ද මේ ගැන චෝදනා එල්ල වි ඇත.සමහර විශේෂ අවස්ථා ලද ඔලිම්පික් නිරීක්ෂකයෝ ද මේ ආකාරයට පැන ගොස් තිබෙන බව ඇත්තය.


මේ නිලධාරීන්ව ප්‍රසිද්ධියේ විවේචනය වන අවස්ථා මාධ්‍ය සංදර්ශන වී නිඳුකින් නිරෝගිව කල ගෙවනු අපි දකින්නෙමු.එහෙත් ඒ ගැන ඉක්මන් සහ විධිමත් පරීක්ෂණ සිඳු නොවන්නේ සියල්ලම හොඳ යාළුවෝ නිසා විය යුතුය.රට ලෝකය ඉදිරියේ අපකීර්තියට පත් කරමින් වෙනත් රටවල ක්‍රීඩකයින් ක්‍රීඩා කරවීමට වගකිව යුතු අය ද කිසිඳු උපද්‍රවයක් නොමැතිව කුමාර ලීලාවෙන් ජිවත්වෙන ගරු සැළකිලි ලබන ක්‍රීඩා පරිපාලන ව්‍යහුයක අවුල සහ රටේ ක්‍රීඩාව කර ජීවත්වීමට නොහැකි තරමට ආර්ථිකමය සහ සමාජීය ගැටළු මතු වීම ක්‍රීඩාව කරන ක්‍රීඩකයන්ට බලපෑම අවිශ්වාසයේ එක ඇත්තක්ය.


ඒ සඳහා මිත්‍ර චෞරයන් පරික්ෂාවට භාජනය නොකරන ක්‍රමයක් සහ ඒ චෞර සන්නාමය වැදුණු මිනිසුන්ට නීතියෙන් නිදහස් වන තාක් සමාජය ඒ මත පැටවීම ගැන නොසිතීම වැනි කරුණු එක්ක හොරු එක්ක හෙළුවෙන් ගත කරන්නට වි ඇති රටක ක්‍රිකට්වලට වීසා ප්‍රශ්නය විසඳා ගත හැකි කාරණය ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයාට අනේක දෝෂ විවේචන මැද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඇති කර තිබෙන ඉහළ වෘත්තීය වටිනාකමය.වෙනත් ක්‍රීඩාවලදී,ඉදිරියට ඉතියෝපියාවට ගියත් පැන යා හැකි තත්ත්වයට රටේ ආර්ථිකය බාල කර තිබෙන පාලකයන්ට සහ ඒ පාලකයන් බලයට ගෙන ඒමට කටයුතු කරමින් සමහර විට ඒ පාලනයන්වල කොටස් වි කටයුුතු කරමින් සිටිය පිරිස් ද වගකීමෙන් බැදී ඇත.ඒ නිසා ක්‍රිකට් තරමට විශ්වාසයක් අනෙකුත් ක්‍රීඩා පරිපාලනද තමන්ගේ කේෂ්ත්‍ර තුළ ක්‍රීඩකයා වෙනුවෙන් ගොඩ නඟා ඇත්නම් මේ වීසා ගැටළුව නො’එනු ඇත.එසේම රටක් හැටියට පාලකයන් ලෝකයේ විශ්වාසයට පාත්‍ර වීමේ වැදගත්කම ද මේ වීසා ප්‍රශ්නයට විසදුම් ය.


මේ මොහොතේ ක්‍රීඩකයින්,ක්‍රීඩා පුහුණුකරුවන් සහ විවිධ ක්‍රීඩාවට සම්බන්ධ වෘත්තිකයන් මේ පවතින දේශපාලනය විසින් ඇති කර තිබෙන ලෝකයේ නොපිළිගැනීම ඉවත් කිරීමේ හැකියාව ගැන විශ්වාසයෙන් යුතුව හෝ එයින් සමහර අයව ගලවා සුජාත කර සමාජ ගත කරමින් දේශපාලනය කරන බව අපි දකින්නෙමු.මේ එවැනි මොහොතක් නොවන බව අපේ විශ්වාසය වන්නේය.තමන්ගේ ක්‍රීඩාවට අවශ්‍යය හැඩය,ක්‍රීඩාව සමඟ රටක ජීවත්වෙන්නට හිතෙන හැඟීම ඇති කිරීම වෙනුවෙන් රටේ පත්වන පාලකයින් කුමක් කළ යුතුද යන්න පිළිබදව පොදු එකඟතාවක්,ප්‍රතිපත්ති මාලාවක්,වැඩ සටහනක් සකසා ජනාධිපති අපේක්ෂකයින් සමඟ සාකච්ඡා කළ යුතු කාලය ය.


එවැනි දවසක් උදා කර ගන්නට පාට පක්ෂ අතහැර සමස්ත ක්‍රීඩාවට සම්බන්ධ විවිධ භූමිකාවන් හී නියුතු පුද්ගලයින් එකතු වන්නේ නම් කමිඳු මෙණ්ඩිස්ලා,ජෙෆ්රි වැන්ඩර්සේලා මෙන් ඔබට ද වීසා දොරවල් ඒ රටවල්වල පැත්තෙන් අරින්නට නොහැකි වන සේ ඉබි යතුරු දමා වසා නොදමනු ඇත.ඒ වෙනුවෙන් මහන්සි වෙන්න.ක්‍රීඩකයන්ට හරි වටිනාකමක් ඇති කළ හැකි වටපිටාවක් නිර්මාණය කර තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අද වන විට ක්‍රීඩා අමාත්‍යංශයට ද වෙනත් ක්‍රීඩාවන්ට ද පරිත්‍යාගයේ දෑත දිගු කරන තැනක සිටියදී සහ එයින් ලැබෙන වරප්‍රසාද දකිමින් සල්ලි දුටුවාම කැළඹෙන හිත් ඇති දේශපාලකයන්ගේ පෙළඹීම්වල ගොඳුරු නොවී කටයුතු කර,තමන්ගේ ක්‍රීඩාවටද මුදල් ඇති වට පිටාවක් ඇති කර ගන්නට,ලෝක විශ්වාසය දිනා ගත හැකි වෘත්තිමය පසුබමික් සහිත ආර්ථික සහ සමාජීය ක්‍රියාවලියක් සකසා ගැනීමට හිතිය යුතුව ඇත.
මේ මොහොතේ කමිඳු සහ වැන්ඩර්සේ එංගලන්තයේ කණ්ඩායම සමඟ සිය පුහුණුවීම් පටන් ගෙන ඇත.ඔබ තවමත් වැරදි තැනක සිට ක්‍රිකට් දැකීම සහ දේශපාලනය දැකීම නතර කර නැති බව අපේ හැඟීමය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan