රට සාමාන්‍ය තත්ත්වයේ නැහැ. මේක නව සාමාන්‍යකරණයක්.ජනතාව ඉන්නේ දුකෙන් – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:ජනාධිපතිවරයා හැමදේම සාමාන්‍යයයි කිව්වත් රටේ ඇත්තේ නව සාමාන්‍යකරණයක් බවත් මේ තුළ ජනතාවගේ රැකියා අහිමි වීම ජිවනෝපාය අහිමි වීම දුප්පත්කම ඇති වීම නිසා ජනතාව දුකෙන් පෙළෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

එමඟින් ජනතාවගේ පාරිභෝජනය, ආයෝජන, ඉතිරි කිරීම් හා නිෂ්පාදන අයිතියක් නොමැති බවත් රටේ අපනයන පවා බිඳ වැටී ඇති නිසා රටේ නව සාමාන්‍යකරණයක් නිර්මාණය වී ඇති ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායකයා මේ බව කියාසිටියේ අද (16) මහනුවරදී මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්වහන්සේලා හමුවී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනතාවගේ ආර්ථිකය කුඩා කර ජනතාවගේ ජන ජීවිත කුඩා කර ජනතාවගේ මුදල් පසුම්බියට පිට්පොකට් ගැසීම නිසා වියදම් කළ නොහැකි ආදායම් ලැබිය නොහැකි සාමාන්‍යකරණයක් නිර්මාණය වී ඇති අතර ඒ අතින් රට විනාශ කර රට පතුලට වැට්ට වූ සාමාන්‍යකරණයක් රටේ ඇති බවයි ඔහු පැවසුවේ.

ආර්ථික ප්‍රතිසංස්කරණය කරනවා සේම ජනතාව මත අසීමිත බරක් පටවපු IMF කොන්දේසි ලිහිල් කිරීමට කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එමෙන්ම දුක්විදින ජනතාව දුකෙන් මුදවා ගන්න රට ගොඩනගන සැමට සෞභාග්‍ය උදාකරන සංවර්ධිත ශිලාචාර ශිෂ්ටසම්පන්න නීතිය හා සාමය රජ කරවන රටක් නිර්මාණය කරන බවයි ප්‍රේමදාස මහතා කියා සිටියේ.

මෙහිදී සියලුම ආගමික නායකයන් ලබා දෙන අවවාද අනුශාසනා අවබෝධ කර ගෙන ශිෂ්ටසම්පන්න රටක් ගොඩනගන අතර තමා වසර කිහිපයක් විපක්ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තුවේ සිට ව්‍යවස්ථාදායකයේ සිට ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් පෙනී සිටි ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දුන් ආකාරය සහ සේවාව සම්බන්ධයෙන් මහනායක හිමිවරු දැනුවත් කළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...