රනිල්ට සහාය දෙන්න පැන්න පොහොට්ටු මන්ත්‍රීලා පක්ෂයෙන් ඉවත් කිරීමේ කටයුතු ඇරඹෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණයට පිටින් යමින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව, අද හෙටම ඒ පිළිබඳව අදාළ මන්ත්‍රීවරුන්ට ලිඛිත දැනුම්දීම් සිදුකරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ.

එම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වහාම විනය පියවර ගන්නා ලෙස පක්ෂයේ ක්‍රියාකාරිකයින් ඉල්ලා සිටින බව පැවසූ මහලේකවරයා ඒ අනුව මේ දිනවල ඊට අවශ්‍ය මූලික කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් ප්‍රකාශ කළේය.

අදාළ විනය පරීක්ෂණවලින් අනතුරුව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ද කටයුතු කෙරෙනු ඇති බවයි මහලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.

ජනාධිපතිවරයාට සහාය දැක්වීමට එක්වූ පොහොට්ටු මන්ත්‍රීවරුන් ගණන 92ක් බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වය ප්‍රකාශ කර ඇති අතර පොහොට්ටු පාර්ශ්වය පවසන්නේ එය ඊට අඩු ගණනක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසාවේ කඳුළු අවසන් නැද්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට, ...

යෝෂිතගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ...

නාරාහේන්පිට මහල් නිවාස ගින්න නිවන්න ගිනි නිවන රථ 13ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : නාරහේන්පිට, දාබරේ මාවතේ...

Wanderlust Wednesday: යාපනයේ තල් අරණේ රවුමක්! Discovering Jaffna, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...