*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

”රට ගොඩගන්න පුළුවන් යෝධ බලපරාක්‍රමය තියෙන්නේ කා ළඟද කියා පෙන්වා අවසන්” – රාජිත අනුරාධපුර සල්ගාදු පිටිය හොල්ලයි

කොළඹ LNW:රට වැටිලා දවස් ගානක් යනතුරු නායකයෙක් සොයා ගැනීමට නොහැකි වී තිබුණ රටක මේ වන විට රට ගොඩ ගැනීමට තරම් ආත්ම ශක්තියක්,යෝධ බලපරාක්‍රමයක් තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව අද (17) අනුරාධපුර සල්ගාදු පිටියේදී පුළුවන් ශ්‍රී ලංකා ප්‍රථම මහජන රැළිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

ආර්ථිකය ඉතාමත්ම භයානකයි මේක ජයගන්න පුලවන් යෝධ බල පරාක්‍රමයකින් විතරයි කියල විපක්ෂය ට්විටර් පණිවිඩ යවද්දී එම බල පරාක්‍රමය තිබුණේ කාටද යන්න දැන් පෙන්වා හමාර බවයි සේනාරත්න මහතා පැහැදිලි කළේ.

”එදා 2023 මේ රට වැටිලා දවස් ගානක් ගියා රටේ නායකයෙක් හොයා ගන්න. ජනාධිපති පලාගියා. අගමැති පලාගියා. මුදල් ඇමති පලාගියා. මහ බැංකු අධිපති පලාගියා. එදා එක නායකයෙක් හිටියේ නැහැ මේක භාර ගන්න මේ වේදිකාවේ ඉන්න නායකයා ඇරෙන්න. ඉස්සෙල්ලම හිටපු ජනාධිපතිතුමා කතා කළා අපේ විපක්ෂ නායකතුමාට. විපක්ෂ නායකතුමා ගෙන්න ගත්ත මහ බැංකුවේ අධිපතිවයි භාණ්ඩාගාර ලේකම්වයි. ඒගොල්ලන්ට කිව්වා තත්ත්වය පහදලා දෙන්න කියල. පැය තුනක් සාකච්ජා කළා. පැය තුනක් සාකච්ජා කළාට පස්සේ අපේ ආර්ථික ඔස්තාර්ලා මොකද කිව්වේ අතගහන්න එපා නායකතුමා.අතගහන්න නම් එපා කියලයි කිව්වේ. ට්විටර් පණිවිඩ යැව්වා ආර්ථිකය ඉතාමත්ම භයානකයි මේක ජයගන්න පුලවන් යෝධ බල පරාක්‍රමයකින් විතරයි කියල. අද යෝධ බල පරාක්‍රමය කරලා නැද්ද? එක කෙසඟ මිනිහෙක් අන්තිමට ඉතුරු වුණා. එයා යෝධ බලපරාක්‍රමය කරලයි අද මේ තත්ත්වයට ආවේ.

තමුන්නාසේලාට මතක ඇති 2022 අන්තිම කාලේ 2023 මුල් කාලේ. මෙහෙම රැස්වීමක් ශාලාවක තියන්න පුළුවන් වුණාද? සජිත් ප්‍රේමදාස රැස්වීම් තිබ්බද? අනුර කුමාර රැස්වීම තිබ්බද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දන්නවා මේක සාමාන්‍ය මිනිහෙකුට කරන්න බැහැ. ඒ නිසා මම මිලිටරිකාරයෙකුට කතා කරන්න ඕනේ කියල ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට කතා කළා. ඔබතුමා මගේ නම එනවුන්ස් කරලා බලන්න කට්ටිය කැමති නම් මම එන්නම් කට්ටිය විරුද්ධ නම් මට බැහැ. එහෙම තමයි එයා කිව්වේ. ඒ පාර එයත් නැහැ. ඊටපස්සේ කතා කළා අනුර කුමාර දිසානායකට. අනුර කුමාර දිසානායක කියන්නේ මේ රටේ මාක්ස්වාදී නායකයා. මමත් මාක්ස්වාදයත් එක්ක හිටියේ එදා සෝවියට් සමාජය බිඳ වැටෙනකොට. අපි ඉගෙනගත්ත පොතේ තිබුණේ ධනපති පන්තිය කවදාවත් තමන්ගේ වරප්‍රසාද තමන්ගේ බලය නිර්ධන පන්තියට දෙන්නේ නැහැ.ඒක තැටියේ තියල දෙන්නේ නැහැ. ඒක බලෙන් ගන්න ඕන කියල. ඒකට තමයි කිව්වේ සමාජ විප්ලවය කියල. අද මේ ධනපති පන්තියේ ජනාධිපතිවරයා මේ නිර්ධන පන්තියේ නායකයට කියනවා එන්න භාරගන්න කියල. කාල් මාක්ස් හිටිය නම් තව පොතක් ලියනවා මේ ගැන. එහෙම භාරගන්න කියන කොට එයා කියනවා මට භාරගන්න බැහැ කියල. අන්තිමට පාහියන්ගල ආනන්ද හාමුදුරුවන්ගේ අතේ පණිවිඩය යැව්වා පෙරටුගාමී පක්ෂයට. ඒගොල්ලෝ තමයි අරගලය කරන්නේ. කුමාර් ගුණරත්නම් කිව්වේ කොහොමද අත්දෙකත් විසිකරලා කිව්වේ සමාජ බලය ගන්නම් රාජ්‍ය බලය බැහැ. ඔන්න වුණ දේ. දැන් ලෝකේ වටේ ගිහින් කියනවා මේක හදන හැටි. හදන්න දුන්න වෙලේ ගත්තේ නැති මිනිස්සු.

එදා මේ රජරට ගොවියෝ තමයි ඉස්සෙල්ලම පාරට බැස්සේ අර ගොන් තීන්දුවට විරුද්ධව. එදා ඉඳලා තමුන්නාන්සේලා පෝලිම් කියක හිටියද? ඇත උස්සල කියන්න. ඩීසල් පෝලිමේ හිටියද නැද්ද?පෙට්‍රල් පෝලිමේ හිටියද නැද්ද? ගෑස් පෝලිමේ හිටියද නැද්ද? භූමිතෙල් පෝලිමේ හිටියද නද්ද? සතොස කෑම පෝලිමේ හිටියද නැද්ද? සහෝදරවරුනි අපි ඔක්කොම හිටියා. මමත් ආර්පිකෝ එකෙන් ගෙනාවා දර මටි පහක්.අපිත් කොළඹ ඉඳගෙන දර ලිපේ ඉව්වේ. අන්ත්මට මේක කවුරුවක්වත් ගන්නේ නැහැ. එක මනුස්සයෙක් හිටිය පාර්ලිමේන්තුවේ තනියෙන්. එයාගෙන් කතකරල ඇහුව ගන්න පුලුවන්ද කියල. ඔව්.එදා එතුමා භාරගෙන දිවුරුම් දීලා එළියට එනකොට කරපු ප්‍රවෘත්ති පත්‍ර සාකච්ජාව බලන්න. ඒකෙ දී මොකද කියන්නේ, මම මේක ගොඩගන්නවා. තමුන්න්නසේලා ටිකක් ඉවසන්න. අමාරු කාල පරිච්ජේදයක් එනවා. හැබැයි මම මේක ගොඩගන්නවා. අද එතුමා ඒක කළේ නැද්ද?ඒ ආත්ම ශක්තිය තිබුණා. යෝධ බලශක්තිය තිබුණා.”

එදා ආර්ථිකය කඩා වැටීමත් සමඟ බඩු මිල 128.4%කින් ඉහළ යන විට අද එය 1.8% දක්වා අඩු වී තිබෙන බවත් මෙරට ඉතිහාසයේ පළමු වරට ආර්ථික වරධ වේගය -12.4ට ගියද අද පළමුවෙනි කාර්තුව වන විට ආර්ථිකය ධන 5.1% දක්වා වර්ධනයකට ගෙනවිත් තිබෙන බවයි සේනාරත්න මහතා පෙන්වා දුන්නේ.

ඒ අනුව 17%ක ආර්ථික වර්ධනයක් පෙන්වා තිබෙන බව ඔහු තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan