ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදාගතහොත් දඬුවම් – මැ.කෝ.

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ (LNW):

මෙවර ජනාධිපතිවරණය නිමිත්තෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමින්, ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් , මෙහෙම ගියොත් තව ටික දිනකින් ජාතික ගීය පක්ෂයේ ගීතය බවට පත්වේවි යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය .කොළඹ දී පැවති මෙම වැඩමුළුව පැපරල් සංවිධානයේ අනුග්‍රහය මත සංවිධානය කර තිබිණ .

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසූවේ,

” අපි දේශපාලනඥයින් දිහා බලනවා.ඒ අය නැතිනම් මැතිවරණයක් නෑ..ජාතික කොඩියේ අභිමානය අද බල්ලට ගිහින් තිබෙනවා . ඒක නිසා ජාතික කොඩිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්න එපා . දැන් ක්‍රිකට් තරගාවලදී ජාතික ධජය ඇගවටා ඔතා ගෙන එක අතකින් මත්පැන් බෝතලයක් අල්ලාගෙන නටනවා .දේශපාලන දර්ශනයක් නැති නිසා මෙවැනි ගැටලු එනවා.රටේ සංවර්ධන කටයුතු කරගෙන යන්න අපි එපා කියන්නෙ නෑ.පාර හදලා විවෘත කරන එක ගැටලුවක් නොවේ.නමුත් එම අඅවස්ථාවට දේශපාලනඥයින් එන්න ඕනි නෑ.දේශපාලනඥයින් ගේ මැදිහත් වීමක් නැතිව ජනතාවට එම කටයුතු සිදු කරගෙන යන්න පුලුවන් “ ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...