උද්ධමනය හා වැටුප් වැඩිවීම ….

Date:

පහත තිබෙන්නේ 2020 ජනවාරි මාසයේදී පැවති මට්ටමට සාපේක්ෂව 2024 මැයි මාසය වන විට භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වී ඇති ආකාරය සහ ඊට සමාන්තරව විවිධ අංශ වල වැටුප් වැඩි වී ඇති ආකාරය.

භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වීම = 87%

සමස්තයක් ලෙස විධිමත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වීම = 92%

වීධිමත් පෞද්ගලික අංශය තුළ කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 118%

වීධිමත් පෞද්ගලික අංශය තුළ කර්මාන්ත හා වාණිජ අංශ වල ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 21%

වීධිමත් පෞද්ගලික අංශය තුළ සේවා අංශයේ ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 14%

සමස්තයක් ලෙස අවිධිමත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වීම = 62%

අවිධිමත් පෞද්ගලික අංශය තුළ කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 63%

අවිධිමත් පෞද්ගලික අංශය තුළ කර්මාන්ත හා වාණිජ අංශ වල ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 61%

අවිධිමත් පෞද්ගලික අංශය තුළ සේවා අංශයේ ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම = 66%

සමස්තයක් ලෙස රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වීම = 41%

ප්‍රාථමික මට්ටමේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම = 43%

ද්වීතියික මට්ටමේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම = 42%

තෘතීයික මට්ටමේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම = 38%

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම = 23%

වීධිමත් පෞද්ගලික අංශය තුළ කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩි වීම පමණක් යම් තරමකින් භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වීම ඉක්මවා යන නමුත් අනෙකුත් සියළුම අංශ වල ශ්‍රමිකයින්ගේ වැටුප් ඉහළ ගොස් තිබෙන්නේ භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වූවාට වඩා අඩුවෙන්. ඒ නිසා, රටේ බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවන තත්ත්වය පහත වැටී ඇති සේ තේරෙන එක පිළිබඳව පුදුමයක් නැහැ. උද්ධමනය හා ගැලපූ පසු බොහෝ දෙනෙකුගේ වැටුප් “අඩුවීමක්” සිදු වී තිබෙනවා.

මේ තත්ත්වය වෙනස් වීමටනම් රටේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත පෙර පැවති මට්ටම දක්වා ඉහළ යා යුතුයි. ආර්ථික අර්බුදය හමුවේ වුවද කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ඉල්ලුම අඩු නොවූ බැවින් වීධිමත් පෞද්ගලික අංශය තුළ කෘෂිකාර්මික ශ්‍රමිකයන්ගේ වැටුප් උද්ධමනය ඉක්මවා ඉහළ ගොස් ඇතත්, කර්මාන්ත හා සේවා අංශ වල එවැන්නක් සිදු වී නැහැ. ඊට හේතුව රටේ ආර්ථිකය හැකිළී සමස්තයක් ලෙස ආදායම් මට්ටම පහත වැටෙද්දී අත්‍යවශ්‍ය නොවන කාර්මික හා සේවා නිෂ්පාදිත සඳහා ඉල්ලුම විශාල ලෙස පහත වැටී එම අංශ සඳහා වන ශ්‍රම ඉල්ලුමද පහත වැටීමයි.

රාජ්‍ය අංශයෙහි වැටුප් වැඩි කිරීමක් සිදු නොකළද, වාර්ෂික වැටුප් වර්ධක හා උසස්වීම් හේතුවෙන් යම් වැටුප් ඉහළ යාමක් සිදු වෙනවා. එහෙත්, උද්ධමනය හා ගැලපූ පසු, සමස්තයක් ලෙස මේ වන විට රාජ්‍ය සේවක වැටුප් පවතින්නේ 2020 ජනවාරි පැවති මට්ටමට වඩා 25%ක් පහතිනුයි. වෙනත් විදිහකින් කිවුවොත් අදාළ කාලය තුළ රාජ්‍ය සේවකයන්ගේ මූර්ත වැටුප් 25%කින් පහත වැටී තිබෙනවා.

වීධිමත් පෞද්ගලික අංශය තුළ කර්මාන්ත හා වාණිජ අංශ වල මූර්ත වැටුප් අඩු වීම 35%ක්ද, සේවා අංශයේ මූර්ත වැටුප් අඩු වීම 39%ක්ද වෙනවා. මීට සාපේක්ෂව සමස්තයක් ලෙස අවිධිමත් පෞද්ගලික අංශයේ මූර්ත වැටුප් අඩු වීම 13%ක් පමණයි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...