නාමයෝජනා බාරදීපු දවසෙම තමයි නාමල්ගේ පුතාගෙ උපන්දිනයත් තිබිලා තියෙන්නෙ. ඉතින් එදා හවස නාමල් පවුලේ අයටත් කතා කරලා කොළඹ ප්‍රසිද්ධ හෝටලයකට ආවාලු පුතාගෙ උපන් දිනය සමරන්න. නාමල් ගියේ තවත් තරුණ රාජ්‍ය සයිස් ඇමති කෙනෙකුත් එක්ක ලු.
ඔය හෝටලයට යනකොට එතන හිටියාලු බදු නොගෙවා සුරා පානය කරන සෙට් එකක්. ඔය සෙට් එකේ සාරිස් ලෙවල් ඩයල් එකක් නාමල් දැක්ක ගමන් ඇවිල්ලා කතා කළා ලු. සුරා එක්කෙනා කතාව පටන් අරන් කිව්වා ලු අහවල් මන්ත්‍රීතුමා මගේ ඥාතියෙක් කියලා. නාමල් කිව්වාලු එයාත් අනිත් පැත්තට ගියානෙ කියලා. හොඳ පමණට සුරාව දෂ්ට කරලා හිටපු සුරා එක්කෙනා කිව්වා ලු “ආහ් ඒක ගණන් ගන්න එපා. පොඩ්ඩක් ඉන්න මං එයාව ආපහු ගෙන්නලා දෙන්නම්. මේ දැන් මං වැඩේ කරන්නම් කො” කියලා. නාමල් ආවෙ වෙන වැඩකට නිසා “දැන් ඕනෙ නෑ” කිව්වත් අරයා “පොඩ්ඩක් ඉන්නකො, පොඩ්ඩක් ඉන්නකො, මං මේ දැන් වැඩේ කරන්න … ආයෙ ඕක මොකක්ද” කිව්වා ලු.
එහෙම කියලා කෝල් එකක් ගත්තා ලු. එතන සංවාදය ගියේ මෙහෙම ලු ….
“හලෝ XXX මල්ලී, මොකද වැඩේ හරි නේද ?”
“අනේ අයියෙ මම ස්තූති කරන්න කෝල් එක්කුත් ගන්නමයි හිටියෙ. මේ වැඩ එක්ක බැරිවුණා. පර්මිට් එක හම්බුණා, වැඩේ හරි”
“මට දැන් මේ නාමලුත් හම්බවුණා. මම ඔක්කොම කරලා පර්මිට් දීලානෙ තියෙන්නෙ. දැන් හොඳ කොල්ලා වගේ ආපහු හිටපු තැනටම වරෙන් …”
“ඒ වුණාට අයියේ, දැන් මෙතෙන්ට ගිහිල්ලා, මේවාත් අරන් …. ලොක්කා දාලා එන්නෙ කොහොමද ? මාර ප්‍රශ්නයක් නෙ”
“නෑ, නෑ … ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. ඔය පර්මිට් එක කැන්සල් කරන්නෙ නෑ, කැන්සල් කරන්න දෙන්නෙත් නෑ. උඹ බය නැතිව හොඳ කොල්ලා වගේ ආපහු වරෙන්”
ඔන්න ඔහොම ලු සීන් එක. දීපු එක පර්මිට් එකක්වත් කැන්සල් කරන්නෙ නෑ කියලා බදු නොගෙවා සුරා පානය කරන ලොකු තැන කිව්වා ලු. ඔය කෝල් එක අනිත් පැත්තේ හිටපු පර්මිට්ධාරී මන්ත්‍රීතුමාත් රටේ පල්ලෙහාටම වෙන්න තියෙන පැත්තක බොහොම ප්‍රසිද්ධ වාසගමක් තියෙන එක්කෙනෙක් ලු.