වැහි අන්දකාරේ
ලීස්තර අස්සෙනුත් එබෙද්දී
පාලුවක් අරක්ගන්නවා හිතට
වටඅවට අඳුර
පතුරන මාර ගහ
සිහිකරන්නෙම දෙනිපිටියෙ නුගරුක
මෙහෙම වැහි හීගතුවක
ඉසබෙලා නුඹ හිටියා නම්
කල්පනාබර ඇස්වලින්
අනන්තය දිහා බලාගෙන ඉන්නවද ?
දුම් සරැලි නංවන කෝපි ජෝගුවක්
වැටී දැවැටී පෙම්පාන බිළාලයෙක්
පත් ඉරු අතර කවියක් ගුලි ගහන්නට තනනවද ?
හොඳටෝම වැඩී එන බඩගින්න නිසාවෙන්
පෙර නුඹ සමඟ තරඟයේ උන්
ළමාතැනියක් ගැන
කවියක් ගොතනවද බොරුම බොරු
ඉසබෙලා..
සියවස් එකහමාරකට ඉස්සර
මෙතැන මොන වගේ වෙන්නැති ද ?
අඳුර අස්සේ හිතෙනවා මට !
~ සඳුන් ප්‍රියංකර විතානගේ
RN