මේ රටේ කාන්තාවන් ජනාධිපතිතුමාව ජයග්‍රහණය කරා ගෙනියනවා – SLPP මන්ත්‍රිනී කෝකිලා

Date:

කොළඹ LNW: මෙරට කාන්තාවන් විසින් ස්ථිර වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ජයග්‍රහණය කරා ගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය පවසයි.

බහුතර ඡන්දදායකයින් ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන් බැවින් ජනාධිපතිවරණයේදී මේ රටේ කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරා ගෙන යන බවයි ඇය අවධාරණය කරන්නේ.

වැටිච්ච රටක හීන ලෝකයක් මවනවා මෙන් එක වරම ගොඩගැනීමට නොහැකි බවද ඇය පවසයි.

”එදා පොහොර සහනාධාරය නැති කරනකොට අපි ඒවා ගැන කතා කළා. හැබැයි එතුමා ගාව හිටිය ගොඩහේවා වගේ කණ්ඩායම් ඒවා විශ්වාස කළේ නැහැ. අද සජිත් ප්‍රේමදාස මහත්තයටත් ඒ ආර්ථික උපදේශයම ලැබෙනවා. අපිට විශ්වාසයක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා ආවම ඊළඟට රටට මොකද වෙන්නේ කියල බලාගන්න පුළුවන්. පරිණත නායකයෙක්ට ඇරෙන්න මේ දේශපාලනය කරන්න බැහැ. අපි විශ්වාස කරනවා මොන විදිහට මඩ ගහන්න හැදුවත් රබර් බෝලයක් වතුරේ ඔබනවා වගේ තමයි අනිවාර්යයෙන්ම මේ මැතිවරණයේදීත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය කාන්තාවන් විසින් ස්ථිර වශයෙන්ම ගෙනියනවයි කියන කාරණය මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.” යනුවෙන් මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...