රනිල් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් – අධිනීතිඥ ලාල් විජේනායක

Date:

කොළඹ LNW:ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටීම තුළ ඔහු වගකියන්නේ කාටද යන ප්‍රශ්නය මතුවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික අධිනීතිඥ ලාල් විජේනායක මහතා පැවසුවේය.

ඔහුව පාලනය කිරීමට පක්‍ෂයක් හෝ පිළිගත් ව්‍යවස්ථාවක් මෙන්ම විනය පද්ධතියක් නොමැති වීම තුළම අනතුරුදායක තත්ත්වයක් පවතින බවයි විජේනායක මහතා සඳහන් කළේ.

එවැනි පුද්ගලයෙක් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව හෙතෙම ප්‍රකාශ කළේය.

”නොයෙකුත් අවස්ථාවල අභියෝග එල්ල වුවත්, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේ අඩුපාඩුකම් තිබුණත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාකරන බවට එකඟවෙලා තියෙනවා. නමුත් මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදයට යම් අනතුරක් එල්ල වී තිබෙනවා. නොයෙකුත් මත තිබෙන දේශපාලන පක්‍ෂ ඔවුන්ගේ පක්‍ෂවලට අනන්‍ය විනයක් සහ ව්‍යවස්ථා අනුව ක්‍රියාත්මක වෙනවා. නමුත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ස්වාධීන අපේක්‍ෂකයකු හැටියටයි. එහෙම නම්, ඔහුව පාලනය කරන්න පක්‍ෂයක් හෝ පිළිගත් ව්‍යවස්ථාවක් වාගේම විනය පද්ධතියක් නැහැ. එවැනි පුද්ගලයකු මැතිවරණයට ඉදිරිපත්වී ඡන්දය ඉල්ලා සිටීමේදී ඒ සම්බන්ධයෙන් ඡන්දදායකයන් ක්‍රියා කිරීම සුදුසුයිද? මොනවා කරාවි දැයි නොදන්නා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක්. මෙවැනි පුද්ගලයෙක් ජනාධිපතිවරණයෙන් ඉදිරිපත්වී සිටීම භයානකයි. ඔහු කාටද වගකියන්නේ. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.” යනුවෙන් ලාල් විජේනායක මහතා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...