කාවින්ද ගැන අසත්‍ය තොරතුරු පළ කළ අය 29 වන දින තෙක් රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 21, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන සම්බන්ධයෙන් අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පළ කරන ලදැයි අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනකු ලබන 29 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (20) නියෝග කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සේනාධීරගේ දොන් කාවින්ද හේෂාන් ජයවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනකු එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අන්තර්ජාලය උපයෝගී කරගනිමින් පැමිණිලිකරු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අශ්ශීල හා අසත්‍ය තොරතුරු ඇතුළත් පළ කිරීම, ප්‍රචාරය කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා සිටියේය.

සැකකරුවන් ෆේස් බුක් පිටු කිහිපයක් උපයෝගී කර ගනිමින් අදාළ වරදවල් කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේය.

ගල්කිස්ස පදිංචි සහන් ෆොන්සේකා, අත්තිඩිය පදිංචි අරෝෂ ලියනගේ, ගිනිගත්හේන පදිංචි තාරුක වනසිංහ ඇතුළු සැකකරුවන් සිවුදෙනා රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය නියෝග කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...