දූෂණය තුරන් කර ආර්ථික නිදහස ඇති කරන මෙහෙයුමට එක්වන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආර්ථික ව්‍යසනයකට ලක්වු අප රට ගොඩගත හැකි දැනුම කුසලතාව නිපුණතාව ඇති හොදම කණ්ඩායම ඇත්තේ තමා සතුව බවත් විශේෂයෙන් මානුෂීය ධනවාදයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් එකට එක් කර ගෙන රටක් ලෙස අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් තුළින් අප රට සෞභාග්‍යය සම්පන්න රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබන රටක් බවට පත් කර එහි ප්‍රතිලාභ සමානාත්මතාව තහවුරු වන ආකාරයට සැවොම බෙදා ගත් ආර්ථිකයක් කරා මේ කණ්ඩායම සමග යා හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ නව චින්තනය මැද මාවත අනුගමනය කර සමාජ සාධාරණත්වය යුක්තිය ඉටු කරන නව මාවතකට ප්‍රවේශ වන බවත් මෙහි දූෂණයට වංචාවට කිසිදු ඉඩක් නොමැති බවත් පැවසූ ඒ මහතා ප්‍රසම්පාදන ක්‍රමවේද බැහැර කරමින් සිදුකෙරෙන අන්ත දුෂිත රාජ්‍ය ගනුදෙනු බැහැර කර දූෂණය මුලින් උපුටා දැනීමේ ආර්ථික නිදහස දිනා ගන්නා මෙහෙයුමට එක්වන ලෙස ආරාධනා කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ (20) කොළඹ ෂැංගිලා හෝටලයේ පැවැති ජාතික වෘත්තිකයන්ගේ කවුන්සිලය (NCP) විසින් සංවිධනය කර තිබූ ශ්‍රී ලංකාවේ වර්ධන අවස්ථා විකේතනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල වෘත්තිකයන්, ව්‍යවසායකයින් සහ අනාගතවාදීන්ගේ අදහස් හුවමාරු කර ගන්නා හමුවක් අමතමිනි. මේ අවස්ථාව සඳහා ආචාර්ය මොන්ටේක් සිං (Economic architect of india’s liberalization policy), ටී. ක්‍රිෂ්ණකුමාර් (CEO of reliance consumer product limited), වෙරිටේ රිසර්ච් හි ආචාර්ය නිශාන් ද මෙල්, එරාන් වික්‍රමරත්න, සුජීව සේනසිංහ , හර්ෂන රාජකරුණා යනාදීන්ද එක්විය.

අප රටේ ව්‍යාපාරිකයන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සූරයන් වීරයන් එක්ව අප රටේ ඉදිරි ආර්ථික ගමන් මග ගැන සුහද සංවාදයකට එක්වීම ගැන සිය ස්තුතිය පුද කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...