ජනතා අරගල මැද්දේ පාර්ලිමේන්තුව අද රැස්වේ. ආණ්ඩුවට මොනවා වෙයිද ?

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් දිවයින පුරා අඛණ්ඩව ජනතා විරෝධතා පැවැත්වෙන වාතාවරණයක් තුළ පාර්ලිමේන්තුව අද (05) රැස්වීමට නියමිත ය.

මෙම ජනතා විරෝධතා ආරම්භ වීමෙන් පසු පාර්ලිමේන්තුව පළමු වරට රැස්වන්නේ අද දිනයේදී වන අතර අද දිනයේදී බොහෝදුරට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලයත් අහිමිවන තත්වයක් ද මතුවී තිබේ.

ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන බව ඊයේ දිනයේදී නිවේදනය කර තිබිණි.

පවතින තත්වය හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලයක් පෙන්විය හැකි කවර හෝ පාර්ශ්වයකට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බවකි.

එහෙත් විරෝධතාවෙහි නියැළෙන ජනතාවගේ පළමු ඉල්ලීම වී ඇත්තේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...