කෙනඩි පවුලේ බලවත් විරෝධය මධ්‍යයේ රොබට් F කෙනඩි ජුනියර් ට්‍රම්ප්ගේ වේදිකාවට නගියි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : නූතන ඇමරිකානු ලිබරල්වාදයේ ප්‍රතිමූර්තියක් ලෙස හඳුන්වන එක්සත් ජනපද නීතිපති සහ සෙනෙට් සභික රොබට් එෆ්. කෙනඩිගේ පුත්‍රයෙකු හා එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ සහ සෙනෙට් සභික ටෙඩ් කෙනඩිගේ ඥාති පුත්‍රයකු වශයෙන් ඉතා කීර්තිමත් දේශපාලන පවුලකින් පැවත එන RFK ජූනියර් සිය පවුලේ ප්‍රබල විරෝධය මධ්‍යයේ ට්‍රම්ප්ගේ දේශපාලන වේදිකාවට ගොඩව ඇති බව වාර්තා වේ.

RFK ගේ සොහොයුරියක වන කෙරී කෙනඩි වොෂින්ටන් පෝස්ට් වෙත සඳහන් කර තිබුණේ, සිය සොහොයුරා රොබට් F කෙනඩි ජුනියර් ට්‍රම්ප් වැළඳ ගැනීම අසභ්‍ය බවත්, අපේ පියා සහ අපේ පවුල දරන සාරධර්ම පාවා දීමක් වන බවත් ශෝකජනක කතාවක දුක්බර අවසානයක්වන බවත්ය. මිට අමතරව කෙනඩිගේ සහෝදර සහෝදරියන් පස්දෙනා – Kathleen Kennedy Townsend, Courtney Kennedy, Kerry Kennedy, Chris Kennedy සහ Rory Kennedy යන අය RFK ජූනියර් ට්‍රම්ප් පසුපස යාම හෙළාදකිමින් සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් ඇරිසෝනා හි ග්ලෙන්ඩේල් හි පැවති ට්‍රම්ප්ගේ ජනාධිපති ප්‍රචාරක රැලියට ඉතා උණුසුම්ව RFK ජූනියර් පිළිගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබුණේ, නොවැම්බර් මාසයේදී ඔහු ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ ඉතිරි සියලුම ලියකියවිලි නිකුත් කරන බවත්, එක්සත් ජනපදයේ ළමා සෞඛ්‍ය ගැටලු විමර්ශනය කිරීම සඳහා කෙනඩි සමඟ වැඩ කිරීම සඳහා රජයේ විශේෂඥ මණ්ඩලයක් නිර්මාණය කරන බවත්ය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...