ජනපති දිනවීමට අත්පත්‍රිකා බෙදීම ඇරඹේ!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ (LNW):

හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සංවිධාන කළ , මුස්ලිම් ජනතාව ජනාධිපතිවරණය පිළිබදව දැනුවත් කිරීම සදහා අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් කොළඹ මහපල්ලිය අසලදී පැවැත්වුණා.

එය පැවැත් වුණේ ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

රනිල් දිනවන සටන මැයෙන් පැවති එම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියා.

තවද , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් පෙරවරුවේ පැවැත්වුණා.

ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මාවරමණ්ඩාය,  දෙල්ගොඩ හා බණ්ඩාරවත්ත ප්‍රදේශවලදීයි.

මෙම වැඩසටහන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙල්ගොඩ නගරයෙන් ආරම්භ වුණා.

ඉන්පසුවයි මාවරමණ්ඩිය හා බණ්ඩාරවත්ත ප්‍රදේශවල ජනතාවට අත්පත්‍රිකා බෙදාදීම සිදුවුණේ.

ප්‍රාදේශීය මහජන නියෝජිතයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...