අපේ ජනතාව ආණ්ඩු කියන්නේ මොකක්ද කියල දැකල නැහැ.ජනතාව පතන විදිහේ ආණ්ඩුවක් අපි තව මාසයකින් හදනවා – AKD

Date:

කොළඹ LNW:ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයේ ආණ්ඩුවක් තව මාසයකින් හදන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

සැබෑ ආණ්ඩුවක ස්වරූපය අපේ රටේ ජනතාව අත්විඳ නැති අතර ජනතාව සිතා සිටින්නේ ආණ්ඩුවක් යනු ඇමතිවරු හොරකම් කරන එක, මහජන දේපල නාස්ති කරන එක, පොලීසියට මැදිහත් වෙන එක,ව්‍යාපාරයක් කරන්න ඇමතියට පාගා දෙන එක,අපරාධයක් කරලා දේශපාලකයා අස්සේ හැඟෙන එක යැයි දිසානායක මහතා සඳහන් කළේය.

”ලංකාවේ පාස්කු ප්‍රහාරය, එය දේශපාලන කුමන්ත්‍රණයක් බව ප්‍රහාරය සිද්ධ වෙලා සතියක් දෙකක් යද්දී අපි කිව්වා. ආණ්ඩුවක් ගන්න,දේශපාලන බලයක් ගන්න මිනිස්සු ඝාතනය කරන සංස්කෘතියක් රටේ හැදෙනවා නම් ඊට පස්සේ මිනිස්සු ඝාතනය කරලා බය නැතුව ඉන්න පුළුවන් වාතාවරණයක් හැදෙනවා නම් ඒ රට කවදාවත් ස්ථාවර රටක් වෙන්නේ නැහැ. අපි ලසන්තගේ ඝාතනය ගැන පරීක්ෂණ කරන්නේ ඝාතනය කරලා නිදැල්ලේ ඉන්න පුළුවන් නම් අපරාධ කරලා නිදැල්ලේ ඉන්න පුළුවන් නම් ඒක අපරාධවලට උත්තේජනයක්. අපරාධවලට දිරිගැන්වීමක්.ඝාතනය කරලා එළියේ ඉන්නවා. ඝාතනය කරලා ජනාධිපති පුටුවේ ඉන්නවා. එහෙම වුණාම මොකද වෙන්නේ.නීතිය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. සමාජයක් කඩා වැටෙනවා. ඒ නිසා සිදුවී තිබෙන අපරාධ,වංචා,දුෂණ පිළිබඳව පරීක්ෂණ පවත්වා නිසි පරිදි නීතිය හමුවට ගෙනයන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපි ඒ වැඩේ කරනවා. පළිගන්නද? නෑ. අපිට කිසිකෙනෙක් එක්ක පෞද්ගලික ඉඩම් නඩු නෑ. කාත්එක්කවත් පවුල් ආරවුල් නෑ. අපිට තියෙනවා යුක්තිය විසදීමේ ප්‍රශ්නය. එතකොට පුරවැසියා හිතයි ඔන්න ප්‍රර්ථනා කරපු වර්ගයේ ආණ්ඩුවක් හැදිලා පළමු වතාවට. මෙච්චරකල් හදපු ආණ්ඩු ජනතාව ප්‍රර්ථනා කරපු ආණ්ඩු නෙවෙයි. ජනතාව බලාපොරොත්තු වූ ආණ්ඩු නෙවෙයි. ලංකාවේ පළමු වතාවට ජනතාව ප්‍රර්ථනා කරන ආණ්ඩුවක් හැදෙනවා. අපි ඒක පෙන්වන්නම්. දැන් අපි කියන එකනේ. හැබැයි තව මාසෙකින් රටට ඕනේ මොනවගේ ආණ්ඩුවක් ද කියලා අපි ඔප්පුකරල පෙන්වන්නම් ආණ්ඩු කියන්නේ මොනවද කියල. අපේ රටේ ජනතාව ආණ්ඩු කියන්නේ මොනවද කියල දැකල නෑ. ආණ්ඩු කියන්නේ මොනවද කියල අත්විදලා නැහැ. ජනතාව හිතනවා ආණ්ඩු කියන්නේ ඇමතිවරු හොරකම් කරන එක කියල. ආණ්ඩු කියන්නේ මහජන දේපල නාස්ති කරන එක කියල. ආණ්ඩු කියන්නේ පොලීසියට මැදිහත් වෙන එක කියල. ආණ්ඩු කියන්නේ ව්‍යාපාරයක් කරන්න ඇමතියට පාගා දෙන එක කියල. ආණ්ඩු කියන්නේ අපරාධයක් කරලා දේශපාලකයා අස්සේ හැඟෙන එක කියල. ආණ්ඩු කියන්නේ ඒවාට නෙවෙයි. ආණ්ඩු කියන්නේ ජනතාවත් රටත් රැකබලාගෙන ඉදිරියට ගෙනයාම සඳහා මෙහෙයවීම තමයි ආණ්ඩු කියන්නේ ඒ නිසා අපි එහෙම ආණ්ඩුවක් හදන්න ඕනේ. හදල එකින් එක එකින් එක ප්‍රශ්න විසදන්න ඕනේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...