ඇයි අපට මහින්දෝදය විද්‍යාගාරය ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මට්ටමට වර්ධනය කරන්න බැරි ? – නාමල්

සටහන – රුවන් නෙළුගොල්ල

මහින්දෝදය විද්‍යාගාර ඉදිකරනු ලැබුවේ පාසල් සිසුන්ට පාසල් වේලාව තුළ තොරතුරු තාක්ෂණ විෂයය ඉගැනීම පමණක් අරමුණු කරගෙන නොවන බවත් එය ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මට්ටමට වර්ධනය විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“මහින්දෝදය විද්‍යාගාර සම්බන්ධයෙන් ; පැහැදිලිවම මම හිතනවා මහින්දෝදය විද්‍යාගාර සැටලයිට් කැම්පස් එකක් විදියට වර්ධනය වෙන්න ඕනෙ. මොකද, ඒ සංකල්පය. ඒක හැදුවෙත් ඒකට. ඒක හැදුවෙ උදේ 7 ඉඳන් 1 වෙනකල් ඉස්කෝලෙ අයිටී උගන්වන්න නෙවෙයි. ඒකෙන් බලාපොරොත්තු වුණේ දුරස්ථ අධ්‍යාපනය ක්‍රමවේදයට අනුව ඔන්ලයින් අධ්‍යාපනයට, කෘතීම බුද්ධියට, කෝඩින්වලට ඒක යොමුකරන්න. දැන් හොඳම උදාහරණය ඩීපී එඩියුකේෂන් එක. ඩීපී එඩියුකේෂන් එකේ සිස්ටම් එක ගත්තොත් අද තිස්සමහාරාමේ උද්ධකන්දර පන්සලේ දරුවාත් කෝඩින් ඉගෙන ගන්නවා, යාපනේ නල්ලූර්වල ඉන්න දරුවාත් කෝඩින් ඉගෙන ගන්නවා, නුවර එළියෙ ළමයාත් ඉගෙන ගන්නවා. සහ ඒකෙ අනිත් එක තමයි එතන ඉන්න ළමයා වැඩත් කරනවා. එතන රැකියාත් හම්බවෙලා තියෙනවා. ඇයි අපට මහින්දෝදය විද්‍යාගාරය එතනට වර්ධනය කරන්න බැරි පාසල හරහාම ? එතකොට විදුහල්පතිවරයාගේ මැදිහත්වීමත් තියෙනවා, ආදායමක් එනවා, දරුවෝ ඉගෙන ගන්නවා සහ ඒ ඉගෙන ගැනීම රැකියා ඉලක්කයක් නැතිව ඉගෙන ගැනීමක් නෙවෙයි. ඒක කෙළින්ම රැකියා වෙළඳපොලට ඉලක්කගත අධ්‍යාපනයක්. ඉතින් මහින්දෝදය හැදුවෙ ඒකට. අවාසනාවකට අපේ බොහෝ දේශපාලනඥයින්ට සහ පරිපාලනයේ අයට ඇයි මේක හැදුවෙ කියලා තේරුම් ගන්න බෑ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ සිය ප්‍රතිපත්ති සහ අදහස් පැහැදිලි කිරීම උදෙසා පසුගියදා (23) පැවැත්වූ ප්‍රශ්න සහ පිළිතුරු සජීවී වැඩසටහනකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...