හර්ෂිතා කැරිබියන් බිම හඳුනා ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 25, (LNW) කොළඹ :

වර්ථමානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්වසනීයම පිතිකාරීණය බවට පත් වී සිටින හර්ෂිතා සමරවික්‍රම සහභාගි වන කැරිබියන් කාන්තා විස්සයි විස්ස ලීග් තරගාවලියේ දී,ඇයට ලකුණු අතරට පැමිණීමට ඇති හැකියාව පෙන්වමින් නියෝජනය කරන ට්‍රින්බෑග් නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමට එරෙහිව වැඩිම ලකුණුලාභිණිය වීමට සමත් වූවාය.


ඇය චොලෙ ට්‍රයොන් විසින් පොළඹවාගත් පන්දුවකට හසුව රිවස් ස්විප් පරක් එල්ල කරන්නට ගොස් දැවී ගියාය.ඒ වන විට පන්දු 28 ට ලකුණු 33 ලබා ගත්තාය.හතරේ පහර හතරකින් පොහොසත් වූ ඒ ඉණිමේ සහයත් සමඟ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ලකුණු පූවරුව පන්දු ඕවර් 20 අවසානයේ ලකුණු 130 ක් බවට පත් විය.
එම ලකුණු ප්‍රමාණය කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වන මට්ටමක් පෙන්වමින් ලකුණු 15 ට කඩුලු 2 ක් වොරියර්ස් කණ්ඩායමට අහිමි වුව ද,එතැන් සිට කණ්ඩායම් නායිකා ලොරේන් වින්ෆීල්ඩ් නොදැවී 46 ක් සහ එරින් බරන්ස් නොදැවී ලකුණු 78 ක් ලබා ගනිමින් වොරියර්ස් කණ්ඩායමට තරගයේ 18 වන ඕවරයේ දෙවන පන්දුවේදී කඩුලු 8 ක් ජයක් ලබා දෙන්නට සමත් විය.


හර්ෂිතා මේ තරගයේ දී කැරිබියන් දූපත් තණතීරුවල රිද්මය යම් ආකාරයකින් කියවාගෙන තිබෙන බවට සිය ඉණිම තුළින් පැහැදිළි කළ සාක්ෂිවලට අනුව ඉදිරියේ දී ඇයගෙන් මේ තරගාවලිය තුළ ඉහළ දස්කම් අපේක්ෂා විය හැකිය.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය.https://es.pn/4dBrK7A

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ නීතිමය පැතිකඩ

වෘත්තියෙන් නීතිඥයෙකු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම...

ටාෂියා – ඇමෙරිකාව දිනූ පදක්කම් තුනෙන් දෙකකම ලාංකේය සුවඳ තවරයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: පෑන් ඇමෙරිකානු යොවුන් තරගාවලිය පැරගුවේ...

ක්‍රීඩා අමාත්‍යංශයට අවදි වෙනවානම් කෙන් හාර්ඩ්න්ගේ මේ අදහස් මරු

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: මේ සටහන සමාජ මාධ්‍ය හරහා...