39න් 19ක් හැංගිලාද? කිසි සද්දයක් නෑ – IRES

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් 19 දෙනකු මෙතෙක් කිසිදු ප්‍රචාරක කටයුත්තක් ආරම්භ කර නොමැති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පෙන්වා දෙයි.

මෙම අපේක්ෂකයන් ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව එකදු රැස්වීමක්වත් මෙතෙක් පවත්වා නැති බවද ඔහු කියා සිටී.

ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු කටයුතු සඳ හා එක් අපේක්ෂකයකු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටියක්, කෝටි එකහමාරක් පමණ වැය කරන බවද ඔහු කීවේය. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු නොකිරීම ගැටලු සහගත තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ 39 දෙනකු ජනාධිපති ධුරය සඳහා තරග කරති.

මෙම අපේක්ෂකයන්ගෙන් එක් අයකු පසුගියදා මිය ගියේය. ප්‍රචාරක කටයුතු මෙතෙක් සිදු නොකළ අපේක්ෂකයන් අතර, ස්වාධීනව තරග කරන අපේක්ෂකයෝ දස දෙනකු (10) පමණ සිටින බවද විධායක අධ්‍යක්ෂවරයා තවදුරටත් කියා සිටියේය.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලදී පෝස්ටර්, කටවුට් භාවිතය අවමවී ඇතැයිද ඔහු පැවසුවේය. එය ඉතා හොඳ තත්ත්වයක් බවද ඔහු සඳහන් කළ අතර, මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...