මෙරෝන්,දිනෙත් සහ මධුශානි අද තරග බිමට

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 27, (LNW) කොළඹ :

අද පේරු හී ඇරඹෙන අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනයේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවක් තරග බිමට පිවිසීමට නියමිතය.ඒ දුර පැනීමේ කාන්තා ඉසව්ව නියෝජනය කරන නෙත්මිකා මධුශානි හේරත් සහ මීටර් 100 පිරිමි ඉසව්වට සහභාගි වන මෙරොන් විජේසිංහ සහ දිනෙත් වීරරත්න ය.


පේරු හී පවතින සිසිල් දේශගුණික තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ දී නුවරඑළිය වැනි ප්‍රදේශයක පහසුකම් තිබුණානම් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මීට වඩා පහසුවෙන් තරගයට මුහුණ දෙන්නට තිබිණ.ඒ සඳහා යම් හුරුවක් ලබන්නට මේ තිදෙනා මුලින් පිටත් කළ ද,විවිධ හේතු නිසා ඔවුන්ට වැඩි කාලයක් ඉතාම අසීරු සහ අපහසු තත්ත්වයන් යටතේ තූර්කියේ ගත කරන්නට සිඳු විය.මේ සම්බන්ධයෙන් මේ වන විටත් සිඳු වූයේ කුමක් ද යන්න ගැන ක්‍රීඩා අමාත්‍යංශය හෝ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පරීක්ෂණයක් කරන බව හෝ සිඳු වූ දේ පිළිබඳව සමාජයට තොරතුරු කියා නැත.


කෙසේ වුව අද තරග පිමට පිවිසෙන ක්‍රීඩකයින් අතරින් මීටර් 100 සිව්වන මූලික තරගයට තරග වඳින මෙරොන් විජේසිංහට සිය හොඳම දක්ෂතාවයට පිවිසෙන්නට සිඳු වනු ඇතැයි සිතිය හැකිය.ඔහුගේ හොඳම කාලීන දක්ෂතාවය සහ හොඳම පෞද්ගලික දක්ෂතාවය වන්නේ තත්පර 10.52 කි.එම කාලය අනෙක් තරගකරුවන් හා සසඳද්දී කාලීන හොඳම දක්ෂතාවය ඔහුට වඩා පසුපසින් ඇති එක් අයෙක් පමණක් සිටිනු දැකිය හැකිය.ඒ නිසා මේ තරගයේ තරගකාරීත්වය අනුව මෙරෝන් ඉතිං හොඳ කාලයක් වාර්තා කරනු ඇතැයි සිතිය හැකිය.


දිනෙත් වීරරත්නගේ සහභාගීත්වය සිඳුවන්නේ හයවන මූලික තරගයටය.දිනෙත් වාර්තා කර තිබෙන හොඳම කාලය මෙන්ම පෞද්ගලික දක්ෂතාවය ද වන්නේ තත්පර 10.47 කි.ඒ අනුව ගත් කළ දිනෙත්ට වඩා පහළ මට්ටමේ කාලයන් වාර්තා කළ තිදෙනෙක් ද එම මූලික තරගයට සහභාගි වීම දිනෙත්ට සැනසිල්ලක් වුව,ඔහු ද තවත් වඩා හොඳ මට්ටමක කාලයක් මේ තරගයේ දී වාර්තා කිරීම අත්‍යවශ්‍යය සාධකයක් වනු ඇත.
පිරිමි මීටර් 100 මූලික තරග රාත්‍රී 9.30 ට පැවත්වෙන අතර ඊට පෙර අද රාත්‍රී 7.45 ට කාන්තා දුර පැනීමේ ඉසව්ව පැවත්වෙනු ඇත.එහිදී නෙත්මිකා මධුශානි ශ්‍රී ලංකාවේ පළමු නියෝජනය ලෙස අද තරග බිමට පිවිසෙනු ඇත.සුදුසුකම් ලැබීමේ දෙවන කාණ්ඩයේ සිටින මධුශානි මේ දක්වා වාර්තා කර තිබෙන හොඳම දක්ෂතාවය වන්නේ මීටර් 6.20 ක් වන අතර අද ඇයට සුදුසුකම් ලැබීමේ වටයෙන් අවසාන තරගයට තෝරා ගනු ලබන අට දෙනා අතරට එන්නටනම් ඊට වඩා දිගු පිම්මක් පැනීමට සිඳුවන්නට ඉඩ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF වෙතින් ලංකාවට සහාය දීම ඇරඔුණු හැටි එළිවේ…!

අශෝක ජයතුංග අගෝස්තු 07 වොෂින්ටන් LNW : IMF හා ලංකාව මෙවර...

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එකවීමට කැමතිනම් ඉඩක්…

නිශ්මං රණසිංහ අගෝස්තු 07, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්වීමට...

විශ්‍රාම ගිය DIG අම්පාවිල CID ප්‍රධානී තනතුරට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු...

ට්‍රම්ප්, ඉන්දියාවට පනවන ලද තීරුබදු ප්‍රමාණය 50% දක්වා ඉහල දමයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...