*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

අපි බොරු කියන්නේ නැහැ. 13 දෙන්නෙත් නැහැ.පොලිස් බලය දෙන්නෙත් නැහැ – SLPP ලොකුගේ

කොළඹ LNW:සජිත්ලා,අනුරලා පොරොන්දු පිට පොරොන්දු දෙමින් මහජනයා රවටද්දී අපි කියන්නේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ අබව සඳහන් කළේ අද (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

බොරු පොරොන්දුවලට රැවටෙනවද නැත්නම් මහින්ද චින්තනය ඉදිරියට ගෙන යාම සඳහා නාමල් රාජපක්ෂ බලයට ගෙන එන්නේද යන්න ජනතාව තීරණය කළ යුතුව ඇති බවයි ලොකුගේ මහතා පැවසුවේ.

“අද ජනාධිපතිවරණයකට නම් කරලා ජනාධිපති අපේක්ෂකයෝ රටට පොරොන්දු දීගෙන යන අවස්ථාවක්. තරඟෙට පොරොන්දු දෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපේක්ෂකයා හැටියට රාජ්‍ය සේවකයින්ට පනස් පන්දාහක මූලික වැටුපකට ගෙනියනවා කියනවා. පඩි වැඩිවීම් කරනවා කියනවා. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා වැටුප පනස් හත්දාහකට ගෙනියනවා කියලා. ජනසවිලාභීන්ට විසිදාහා ගාණේ අවුරුදු 02 ක් ගෙවන බව කියනවා. ජනතා විමුක්ති පෙරමුණත් කියනවා ඔවුනුත් පඩි වැඩිකරනවා කියලා. මේ දවස්වල මැතිවරණයක් තියාගෙන ඔවුන් බොරුමයි ප්‍රකාශ කරන්නේ. සජිත් ප්‍රේමදාස මහතා කියනවා දුප්පත් පිරිසට විසිදාහක් දෙනවා කියලා. හැබැයි එතුමාට මතක් කරන්න කැමති එතුමාගේ තාත්තා ජනසවියක් දුන්නා. මිනිස්සුන්ගේ මුදල් විසිපන්දාහක් මහා බැංකුවේ තැන්පත් කියලා තැන්පත් පත්‍රිකාවක් දුන්නා. ඒක ආපසු ගෙවනවාද කියලා අහන්න කැමති. නමුත් ආර්.ප්‍රේමදාස මහතා හොඳවැඩක් ආරම්භ කළේ. නමුත් එතුමාගේ අභාවයෙන් පස්සේ හිටපු රජයවල් කවුරුත් ගෙව්වේ නැහැ. දැන් එතුමාගේ පුතාගෙන් අහන්න කැමති මුලින්ම ඒ විසි පන්දාහ ගෙවනවාද කියලා. ඒ වගේම එතුමාට ඒ විසිදාහ ගාණේ දෙන්න මුදල් කොහෙන්ද හොයාගන්නේ කියලා අහන්න කැමති. මේ දවස්වල හැමකෙනෙක්ම පොරොන්දු දෙනවා. නමුත් ඒ හැම එකකටම කාලවකවානුවක් කියන්නේ නැහැ. අපි එතුමාගෙන් අහන්න කැමති ජනාධිපතිවරයා වුණොත් මේ පොරොන්දු ක්‍රියාත්මක කරන කාල වකවානු මොනවාද කියලා.

ඒවගේම ජනතා විමුක්ති පෙරමුණෙන් අහන්න කැමති ඔවුන් කියන දේවල් කරන්න කාල රාමුවක් තිබෙනවාද කියලා. ඒ වගේම අපේ ජනාධිපතිතුමා පොරොන්දු මාලාවක් දෙනවා. එතුමා දෙන පොරොන්දුවලට කැබිනට් පත්‍රිකා අනුමත කරනවා. නමුත් එතුමා බලයට පත්වෙන්න ඕන එය ක්‍රියාත්මක කරන්න. අද මහජනයාව රවට්ටන දේවල්මයි කියන්නේ. අපි පොහොට්ටුව හැටියට කියන්නේ මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරනවා කියලා. 13 අපි දෙන්නේ නැහැ. පොලිස් බල දෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස,ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරනවා අපි ඒ දෙකම දෙනවා කියලා. මහජනයා තීන්දු කරන්න වෙනවා අපේ රට ආරක්ෂා කරනවාද? නැත්ද? කියලා. අපි මහින්ද චින්තනය අනුව ක්‍රියාකරනවා කියලා අපි කියන්නේ. එය අපි මේ රටේ ක්‍රියාත්මක කරපු ව්‍යාපාරයක්. එය තවත් ශක්තිමත් කරලා ඉදිරියට ක්‍රියාත්මක කරනවා. කවුරුත් එයට අභියෝග කරන්නේ නැහැ. අපි ජනතාව දැනුවත් කරනවා ඔබලා කල්පනාවෙන් කටයුතු කරන්න. මේ බොරු පොරොන්දුවලට රැවටෙනවාද? නැතිනම් මේ රටට නිදහස දීපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තනය අනුව නාමල් රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රහණයකරන්න කියලා අපි කියන්නේ. ” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan