සුඩානයේ වේල්ලක් කඩා යාම හේතුවෙන් ගම්මාන 20ක් ජලයෙන් යට වේ; පුද්ගලයන් 150-200ක් අතුරුදන්

සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 27 : ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව හේතුවෙන් නැඟෙනහිර සුඩානයේ Arbat වේල්ල කඩා යාම හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වයක් නිසා ගම්මාන 20ක් පමණ ජලයෙන් යටවී පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් තවත් 150-200කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

දැනටමත් මාස ගණනක් සිවිල් යුද්ධයෙන් පීඩා විඳින මෙම කලාපයේ 50,000 ක පමණ පිරිසකගේ නිවාස ගංවතුරෙන් විනාශ වී ඇති අතර ජල නල ඇතුළු යටිතල පහසුකම්ද විශාල වශයෙන් විනාශ වී ඇත.

2023 අප්‍රේල් මාසයේදී සුඩාන හමුදාව සහ පැරාමිලිටරි කඩිනම් ආධාරක බලකාය අතර යුද්ධය ආරම්භ වීමට පෙර සුඩානයේ වේලි, මාර්ග සහ පාලම් අබලන්ව පැවතිණි. එතැන් සිට දෙපාර්ශවයම ඔවුන්ගේ සම්පත්වලින් වැඩි ප්‍රමාණයක් ගැටුමට යොමු කර ඇති අතර යටිතල පහසුකම් දැඩි ලෙස නොසලකා හැර තිබේ.

සුඩානයේ තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන වාර්තා කර තිබුණේ, රට පුරා ගංවතුරෙන් පුද්ගලයින් 132 ක් මිය ගොස් ඇති බවත්, අවම වශයෙන් පුද්ගලයන් 118,000ක් අවතැන් වී ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...