ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 29

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

“ගෑස් සිලින්ඩරය” ලකුණ යටතේ ජනාධිපතිවරණයට තරග වදින ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 29 වනදා එළිදැක්වීමට නියමිතව තිබේ.

“පුළුවන් ශ්‍රී ලංකා” යන තේමාව මුල්කර ගනිමින් සකස් කර ඇති එම ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 29 වනදා පෙරවරු 09.00 ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්වීමට නියමිත ය.

රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැගෙන යෑමේ සැලසුම් “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වලට යහපත් රටක් ගොඩනැගීම “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණක් බවයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ.

එසේම, ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට ගැනීමෙන් පසු තවත් ඉදිරිගාමී පියවරක් තැබීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අවධානය යොමු කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හදිසි රැස්වීමක් කැදවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද (05)...

ආපදාවට ලක් වූ දුම්රිය සේවය යළි ගොඩගන්න දුම්රිය සේවක සාමූහිකය වැඩ අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටට සවියක් දුම්රියට ජවයක් නමින් ආපදාවට ලක්...

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ උසස් වූ මනුස්සකම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03.කොළඹ LNW : රට පත්ව ඇති ආපදා...

ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ගැසට් කරයි!

කොළඹ LNW:පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇති වූ ආපදා...