අභාවප්‍රාප්ත එරික් කුරේ මහතාගේ අවසන් කටයුතු හෙට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රවීන මාධ්‍යවේදී ක්‍රිෂාන්ත කුරේ මහතාගේ පියාණන් වූ ජෝන් එරික් රෙජිනෝල්ඩ් කුරේ මහතා ඊයේ (26) සවස අභාවප්‍රප්ත වී තිබේ.

එරික් රෙජිනෝල්ඩ් කුරේ මහතා Hansa Marine Enterprises හි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයකු සහ Ceylon Shipping Lines Pvt Ltd හි හිටපු අධ්‍යක්ෂවරයකු වේ.

ක්‍රිස්ටෝබෙල් කුරේ මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද ප්‍රියන්ත, ක්‍රිෂාන්ත සහ නිශාන්ත යන අයගේ ආදරණීය පියාණන් වූ ද අරූෂා, සඳලි සහ උදේෂි යන අයගේ දයාබර මාමණ්ඩිය වූ ද එරික් රෙජිනෝල්ඩ් කුරේ මහතා දේවුෂි, ආධ්‍යා, අබිතා, යෙනුක් සහ යුනාරාගේ ආදරණීය සීයාද විය.

එරික් රෙජිනෝල්ඩ් කුරේ මියැදෙන විට 86 වන වියේ පසු විය.

මේ වන විට ඒ මහතාගේ දේහය අංක 18, බොරැල්ල ඔස්ටින් පෙදෙසේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර භූමදාන කටයුතු හෙට (28) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් හදිසියේ රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : පසුගියදා හටගත් ගංවතුරෙන්...

ජනපති හදිසි රැස්වීමක් කැදවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද (05)...

ආපදාවට ලක් වූ දුම්රිය සේවය යළි ගොඩගන්න දුම්රිය සේවක සාමූහිකය වැඩ අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටට සවියක් දුම්රියට ජවයක් නමින් ආපදාවට ලක්...

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ උසස් වූ මනුස්සකම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03.කොළඹ LNW : රට පත්ව ඇති ආපදා...