ඉන්දියාවේ උද්ඝෝෂණයකට කඳුලු ගෑස්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ (LNW):

වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් ඉන්දියාවේ පැවැත්වෙන උද්ඝෝෂණයට කඳුලු ගෑස් එල්ල කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

31 හැවිරිදි වෛද්‍යවරියක රෝහල තුළදීම දූෂණය කර ඝාතනය කෙරුණේ පසුගිය 9 වනදායි.

ඇගේ සිරුර සොයා ගැනීමත් සමඟ කාන්තාවන්ට එරෙහි හිංසනය සම්බන්ධයෙන් ලොව පුරා දැඩි කතා බහක් ඇති වුණ අතර, බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජිට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ඊයේ හා අද දිනයේද දහස් ගණනක් කොල්කටාහි විරෝධතා පවත්වති.

මෙම අපරාධය සම්බන්ධයෙන් රෝහල් ස්වේච්ඡා සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසියේ මන්දගාමී විමර්ශන ක්‍රියාවලිය විරෝධතාකරුවන්ගේ විවේචනයට ද ලක්ව තිබෙන අතර, ඒ හේතුවෙන් මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයට භාර දී ඇති බව වාර්තා වේ.

විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් පොලිසිය සමඟ ඊයේ පස්වරුවේ ගැටුමක් ඇති කර ගත් අතර රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට පොලිසිය බැටන් පොලු හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ.

කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 100 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...