Bickthon 2024 – Ride to Save Life පාපැදි සවාරිය හෙට ඇරඹේ!

Date:

කොළඹ LNW: සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තරය දිනය නිමිති කරගෙන මානසික අර්බුද නිරාකරණ සහය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නිදහස් දුරකථන සේවාව වන 1333 ක්‍රියාත්මක කරනු ලබන CCC ආයතනය එම දුරකථන සේවාව පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම සඳහා සංවිධානය කරනු ලබන පාපැදි සවාරිය හෙට පෙරවරු 5.30 කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

කි.මී.1333 දුරක් දින දහතුනක් පුරා ක්‍රියාත්මක වන මෙම පාපැදි සවාරිය කිතුල්ගල, මහනුවර, දඹුල්ල, අනුරාධපුර, වවුනියාව, ත්‍රිකුණාමලය, සීගිරිය මහියංගණය, කතරගම, දික්වැල්ල, බෙන්තොට ඔස්සේ සැප්තැම්බර් දහවෙනි දින කොළඹ නිදහස් චතුරශ්‍රයට ළඟාවීමටයි සල්;සැලසුම් කර ඇත්තේ.

ඇමෙරිකාව ඔස්ට්‍රේලියාව සිංගප්පූරුව බ්‍රිතාන්‍යය කැනඩාව ඉන්දියාව ඇතුළු රටවල් රැසක සේච්ඡා පාපැදිකරුවන් 20කට ආසන්න ප්‍රමාණයක් මෙම පාපැදි සවාරියට සහභාගි වන බවයි CCC 1333 දුරකථන සේවාවට මාර්ගෝපදේශ සපයන ඔස්ට්‍රේලියාවේ Life line International ආයතනය නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ජේතා දේවපුර මහතා ප්‍රකාශ කළේ.

සැප්තැම්බර් 10 වැනි දින මෙම පාපැදි සවාරිය සහ ඊට සමගාමීව පැවැත්වෙන පා ගමන කොළඹ නිදහස් චතුරස්‍රයට පැමිණෙනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...