අපි මේ රටේ ආර්ථිකය හදනවා, ගමේ ආර්ථිකය හදනවා, පොඩි මනුස්සයාගෙ ආර්ථිකය හදනවා – නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතුයැයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නෑ. මං හිතනවා මට තියෙන වගකීම සහ අභියෝගය තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්තපු තැනින් රට ඉස්සරහට අරන් යන්නෙ කොහොමද කියන කාරණය. අද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට හරි අමාරුයි. අසීමිත අසාධාරණ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. එදා ගෝඨාභයගේ ආණ්ඩුවෙන් අපි බදු අඩු කළා. අපට චෝදනා කරා. අපි අදත් විශ්වාස කරනවා මේ රටේ ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරන්න ඕනෙ කියලා. අපි මේ රටේ ආර්ථිකය හදනවා. ගමේ ආර්ථිකය හදනවා. පොඩි මනුස්සයාගෙ ආර්ථිකය හදනවා. ඔබ වෙනුවෙන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් කියන එකත් මං තමුන්නාසෙලාට මතක් කරනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) මාවතගම ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...