“ඉන්ධන භාවිතයේ වැරදි තෝරාගැනීම් නිසා වසරකට ඩොලර් බිලියන 1.32 අහිමි කරන විදුලි බල මණ්ඩලයේ නාඩගම..“
දැනට පවතින ගල් අඟුරු වෙළඳපල මිල අනුව, මේ වන විට ගල් අඟුරු භාවිතා කර මෙගාවොට් 900 ක විදුලිබලයක් උත්පාදනය කිරීම සඳහා වැයවන මුළු පරිභෝජන වියදම මසකට ඩොලර් මිලියන 30 කි.
මීට අමතරව, පවතින ඩීසල් සහ දැවිතෙල් මිළ ගණන් අනුව ඩීසල් සහ දැවිතෙල් භාවිතා කරමින් මෙගාවොට් 900 ක විදුලිබලයක් උත්පාදනය කිරීම සඳහා මසකට වැයවන වියදම ඩොලර් මිලියන 140 කි.
එසේ නම්, ඩීසල් සහ දැවිතෙල් භාවිතා කර නිශ්පාදනය කරන මෙගාවොට් 900 ක විදුලි බලය ඩීසල් සහ දැවිතෙල් වෙනුවට ගල් අඟුරු යොදාගෙන නිපදවූවා නම් රටට ඉතිරිවන මුදල මසකට ඩොලර් මිලියන 110 ක් බව අංක ගණිතය දන්නා කුඩා දරුවකුට පවා වැටහේ.
මෙම මුදල වාර්ෂිකව සලකා බැලුවහොත් ඩොලර් බිලියන 1.32 ක ඉතිරියක් සේ සැලකිය හැකිය.
මේ වන විට, මෙගාවොට් 500 ක නිශ්පාදන ධාරිතාවයක් ලබා දීමට යෝජිත සාම්පූර් ගල් අඟුරු බලාගාරය සහ මෙගාවොට් 300 ක නිශ්පාදන ධාරිතාවයක් ලබා දීමට යෝජිත නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ස්ථාපිත කිරීම සඳහා පාරිසරික ශක්‍යතා අධ්‍යයනයන් ද සිදුකොට අනුමැතිය ලැබී තිබේ.
මෙම ගල් අඟුරු බලාගාර දෙක ඉදිකිරීම සඳහා වැයවන සම්පූර්ණ ව්‍යාපෘති පිරිවැය ඩොලර් බිලියන 1.2 ලෙස ඇස්තමේන්තු කර තිබේ.
එසේ තිබිය දී, මේ අන්දමින් වාර්ෂිකව අති විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමි වීම බරපතල අපරාදයකි. ලංකා විදුලි බල මණ්ඩලයට ඒ පිළිබඳව අවබෝධයක් නොමැත්තේ ද, නැතහොත් මෙම අපරාදය රට විනාශ කර දැමීමේ චේතාන්විත ක්‍රියාවක් ද යන්න අප දන්නේ නැත.