*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

රනිල්: තරඟ බිමේ කළු අශ්වයා

සටහන: ඇඩොල්ෆ්

අගෝස්තු 29, කොළඹ (LNW): දේශපාලනයතුළ “කළු අශ්වයා” ලෙස හඳුන්වනු ලබන්නේ, හඳුනා නොගත් හෝ මැතිවරණයක්තුළ තරඟ වැද ජය ගැනීමට අවකාශයක් නොමැති බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණ ද මැතිවරණයක දී අනපේක්ෂිත ලෙස ජනතා සහාය ලබාගනිමින් අවසානයේ ප්‍රතිපාක්ෂිකයන් හට දැවැන්ත තරඟයක් ලබා දෙන පුද්ගලයකු ය.

ජනාධිපතිවරණ අපේක්ෂකයකු “කළු අශ්වයකු” යැයි හඳුන්වනු ලබන අවස්ථාවක දී බොහෝ විට ඔහු හෝ ඇය මැතිවරණයතුළ දැවැන්ත තරඟයක් ලබා දීමට සමත් නොවන්නකු යැයි සැලකෙන පුද්ගලයකු යැයි හඳුනාගත හැක. කෙසේවෙතත්, සාර්ථක මැතිවරණ ව්‍යාපාර, ඡන්දදායකයන්ගේ ආකර්ෂණය ලබා ගන්නා බවට පෙනී යන බව, හෝ ප්‍රතිපාක්ෂික අපේක්ෂකයන්ගේ අත්වැරදීම් වැනි විවිධ සාධක හමුවේ මෙවන් තැනැත්තන් අපේක්ෂාකළ ප්‍රමාණයට වඩා දැවැන්ත අභියෝගයක් වීමේ සම්භාවිතාව ඉහළ ය.

රනිල් සිටින්නේ කොහේ ද

වත්මන් සමීක්ෂණවලින් නිරූපණය කරනු ලබන ප්‍රතිඵලවලින් පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීම දුෂ්කර ය. ඒවා හි පෙන්වන ප්‍රතිඵල එකිනෙක හා වෙනස් වූ ස්වභාවයන් ගනු ලබයි. ඇතැම් සමීක්ෂණ මඟින් රනිල් අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාවන අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස සමඟ තුන්වන ස්ථානයට පත්වන බව පෙනුවනු ලබයි; මහජන මතය දිනා ගැනීඹ සඳහා ඔවුන් නියෝජනය කරනු ලබන පක්ෂ දෙකම විවිධ සමීක්ෂණ සිය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රවර්ධනය කරනු ලබයි. මෙවන් ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පියවරගෙන තිබුණ ද, තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් සිදුව නැත.

දේශපාලන අනාවැකිවල නිරවද්‍යතාව සෑමවිටම ප්‍රශ්න සහගත ය, මීට කදිම නිදසුන වූයේ, ඉන්දියාවේ පැවති මහ මැතිවරණයතුළ එරට අග්‍රාමාත්‍යවරයා බහුතර බලය ලබා ගැනීමට අසමත් වීමේ ප්‍රවණතාවයක් තිබිය දී ම ජයග්‍රහණය කිරීම යි.

ඒ අනුව, මෙවන් අවස්ථාවල දී පවතින සංකීරණ ගතිකයන්වල ඇති වැදගත්කම අප විසින් අවබෝධකොට ගත යුතු ව තිබේ.

ආර්ථිකය සහ ස්ථාවරභාවය ඡන්දදායකයන්ගේ ප්‍රමුඛතාවය දිනාගත් ප්‍රධාන අපේක්ෂාවන්වන අතර, මෙකී සන්දර්භයතුළ රනිල් වික්‍රමසිංහ සිය ශක්තිය විද්‍යමානකොට තිබේ. දූෂණය, දිළිඳුකම තුරන් කිරීම වැනි කරුණු අතින් අනුර දිසානායක වෙත පවතින ආකර්ෂණය ඉහළ ය. මේ අතර, අවවරප්‍රසාදිත ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටළුවල දී සජිත් ප්‍රේමදාස නඟන හඬ ඉතා ශක්තිමත් ය.

කෙසේවෙතත්, සැබෑ කාර්යසාධනය අතින් බැලීමේ දී, පොරොන්දු වූ කාර්යභාරය ඉටුකළ එකම මැතිවරණ අපේක්ෂකයා ලෙස පෙනී සිටින්නේ රනිල් වික්‍රමසිංහ පමණ ය. වෙනසක් සඳහා ජනතා නියෝජනය ලබා ගන්නා අනුර දිසානායක රට නව මාවතක් කරා රැගෙන යාමේ ප්‍රවණතාවයක් විද්‍යමාන කරයි.

මෙම සන්දර්භය රැකියාවකට සේවකයකු බඳවා ගැනීමේ ක්‍රමවේදයට සමානකළ විට, අප විසින් සිදුකළ යුතුව තිබෙන්නේ හුදෙක් ප්‍රකාශ සිදුකරන පුද්ගලයකු බඳවා ගැනීම ද, නැතහොත් කාර්යසාධනය පෙන්වූ පුද්ගලයකු බඳවා ගැනීම ද?

රනිල් වික්‍රමසිංහ, වීසා ගැටළුව, ඔහුගේ කාර්යමණ්ඩලය විසින් භුක්ති විඳිනු ලබන දැවැන්ත දීමනා, සහ අධිකරණය සමඟ මුහුණ පෑමට සිදුව තිබෙන ගැටුම වැනි ඔහුට පවතින අභියෝග පසෙක ලා, දේශපාලන අත්දැකීම් හා රාජ්‍ය තාන්ත්‍රික සාර්ථකත්වය අතින් ඔහුගේ ප්‍රතිපාක්ෂික අපේක්ෂකයන්ට වඩා ඉදිරියෙන් සිටියි.

ඉතිහාසය කළු අශ්වයන්ගෙන් පිරී ඉතිරී පවතින බව සිහිපත්කළ යුතු ය; මොවුන් කුමන බාධක මධ්‍යයේ වූ ව ද, මැතිවරණයක් අරඹයා දැවැන්ත තරඟයක් ලබා දුන් තැනැත්තන් ය.

2022 අර්බුදයෙන් පසු යළි නැඟිටීමට වෙර දරන ශ්‍රී ලංකාවට එළඹෙන මැතිවරණය අතිශයින් තීරණාත්මක ය; මන් ද, ඡන්දදායකයන් අපේක්ෂා කරන්නේ පැවති ක්‍රමවේදය අතුගා දමා නව වෙනසක් ලබා ගැනීම යි. රටේ ඉදිරි පැවැත්ම අතින් බලන කළ රනිල් වික්‍රමසිංහ ඉදිරියේ සිටින අතර, වෙනසක් සඳහා නම් අනුර කුමාර ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස ට වඩා ඉදිරියෙන් සිටියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan