වලල තරුව ඇමෙරිකාවෙන් පායන්නට ගුවන් ගතවේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 30, (LNW) කොළඹ :

තරුශි කරුණාරත්න විසින් ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕර්ලන්ස් හී පිහිටි ටුලේන් විශ්ව විද්‍යාලයෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඇයට කළමණාකරණ විෂය සම්බන්ධයෙන් උපාධියක් හැදෑරීමට සම්පූර්ණ ශිෂ්‍යත්වයක් පිරි නමා ඇත.ඇය ආසියාව ජය ගනිමින් පෑ දක්ෂතා සම්බන්ධයෙන් පැහැදී ඇයගේ ඉල්ලීමට කන් දී ඇති ටුලේන් සරසවිය වසර හතරක කාලයකට පිරි නමා ඇති මෙම ශිෂ්‍යත්වය සමඟම ඇයගේ මලල ක්‍රීඩා පුහුණු කටයුතුවලට ද අවස්ථාවක් උදා කර දීමට කටයුුතු කර තිබේ.ඒ අනුව ඉදිරි දින දෙක ඇතුළත ඇය ඇමෙරිකාව බලා පියාසර කරනු ඇත.
ඔලිම්පික් තරග නියෝජනය කළ තරුශි,එහිදී මීටර් 800 ඉසව්වේ දී පෙන් වූ පසුබෑම එම තරග රටාවේ ඇති වෙනස්කම් නිසාම මෙන්ම,ඇයට ආශිර්වාදයක් ලෙස පැමිණි යම් කිසි බලවේගවල මැදිහත්වීමෙන් සිඳු වූ හානිකර තත්ත්වයන් ද හේතු වූ බව පැහැදිළිය.මේ මොහොතේ සිය ජයග්‍රහණවල ඉදිරි වර්ධනාත්මක මොහොතකදී තරුශි මේ සම්බන්ධයෙන් ලෝකයට ප්‍රකාශ කරන්නට ඉඩ ඇත.


ක්‍රීඩාවක දී ක්‍රීඩකයාගේ හෝ ක්‍රීඩිකාවගේ පැවත්ම තීරණය කරන සාධකය ඔහු හෝ ඇය පමණක් නොවේය.ඇයගේ දක්ෂතා වෙනුවෙන් වර්ධනයට සහ කළමණාකරණයට බලපාන සාධක බොහෝ එකතු වන්නේය.ඒ සියලු දෙනා අවංකව වෙහෙසිය යුුතු අතර වගකීම තේරුම් ගැනීමෙන් නිවැරදිව සිඳු කළ යුතුය.ලෝකයේ අසාමාන්‍ය ක්‍රීඩක දක්ෂතා පිටුපස එවැනි පසුබිමක ගෞරවයට පාත්‍ර විය යුතු බොහෝ චරිත වෙති.ඒ එක චරිතයක් හෝ තමන්ගේ කාර්යයට අවංකව සාධාරණය ඉටු නොකළහොත් එයින් සිඳු විය හැක්කේ සමස්ත ප්‍රතිපලයේ අපේක්ෂාව නිවැරදිව ඉටු නොවීමය.
ඒ සියලු කතා තරුශි නම් තරුවේ දීප්තිය හොඳින් විහිදෙන දවසක ලෝකයට දැන ගන්නට ලැබෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...