පාර්ලිමේන්තු විශේෂ විවාදය ඇරඹෙයි – විපක්ෂ නායකගෙන් ප්‍රශ්න වැලක්!

Date:

රටේ වත්මන් තත්ත්වය ගැන අවදානය යොමු කිරීම සඳහා වන විශේෂ පාර්ලිමේන්තු විවාදය මේවන විට ආරම්භ වී තිබේ.

විවාදය ආරම්භ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කිහිපයක්ම යොමු කරන ලදී.

ඒ අනුව හදිසි නීතිය පනවනු ලැබුවේ ඇයි?,ඇඳිරි නීතිය පැනවූයේ ඇයි?,සමාජ මාධ්‍ය අවහිර කළේ ඇයි? යන ප්‍රශ්නවලට විවාදය ආරම්භ කිරීමට පෙර පිළිතුරු දිය යුතු බවයි ප්‍රේමදාස මහතා පැවසුවේ.

මේ අතර වර්තමානය වන විට රටේ මුදල් අමාත්‍යවරයෙක් මෙන්ම භාණ්ඩාගාර ලේකම්වරයෙක්ද නැති බව ප්‍රේමදාස මහතා විසින් මතු කරන ලදී.

ඊයේ දිනයේදී නව මුදල් අමාත්‍යවරයා විසින් වාර්තා කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉල්ලා අස්වූ අතර මෙවැනි තත්ත්වයක් මත රටේ මූල්‍ය කළමනාකරණය සිදුකරන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුව ඇති බවද විපක්ෂ නායකයා සඳහන් කරන ලදී.

තවද ඊයේ දින පාර්ලිමේන්තු පිවිසුම අසල පැවති උද්ඝෝෂණයට මුහුණු ආවරණය කරගෙන ආයුධ රැගත් හමුදා නිල ඇඳුමින් ලියාපදිංචි නොකළ යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායම කවුද යන්න පිළිබඳවද පැහැදිලි කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

රටේ පවතින ඩොලර් ප්‍රශ්නය ක්ෂණිකව විසඳා ගැනීමට හැකි අකාරයක් ගැනද මෙහිදී විපක්ෂ නායකයා පැහැදිලි කළේය.

එනම පැන්ඩෝරා පත්‍රිකා හරහා අනාවරණය කර තිබුණු ආකාරයට රටින් හොරාගත් මුදල් රටට නැවත ගෙන ඒමට කටයුතු කරන ලෙසයි ඔහු පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරක් කටාගේ නඩුවක් විභාගයට දින!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : නදුන් චින්තක...

කඳානේ වෙඩිතැබීම : හිටපු ඇමති මංගලගේ පුද්ගලික ලේකම්ට තුවාල. මිතුරා මරුට !

අද (03) උදෑසන කඳාන පොදු වෙළඳපොල අසලදී සිදුවූ වෙඩිතැබීමෙන්...

ට්‍රම්ප් යළි ඇවිලෙයි – ආනයනික තීරු බද්ද ගැන නැවතත් අවධානය!

කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

තවත් වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...