පාපන්දු නාමය පරයා ගිය ගෘහස්ථ අපයෝජන ඉහළට!

Date:

සටහන – පුන්සරා ලියනගේ

සැප්තැම්බර් 04 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:එංගලන්තයේ සහ වේල්සයේ පොලිස් වාර්තා විසින් මෑත කාලීන Uefa යුරෝපීය ශූරතා තරඟාවලියේදී පාපන්දු ආශ්‍රිත ගෘහස්ථ අපයෝජන වාර්තා 351 ක් වාර්තා කර ඇති බව ජාතික පොලිස් ප්‍රධානීන්ගේ කවුන්සිලය (NPCC) ප්‍රකාශ කර තිබේ.

ජූනි 14 සිට ජූලි 14 අතර දක්වා කාලය තුළ සිදු කරන ලද වාර්තා තුළින් මේ පිළිබඳ අනාවරණය වී තිබේ.

NPCC අනතුරු අඟවා ඇත්තේ මෙම සංඛ්‍යාව පාපන්දු ක්‍රීඩාව හා සම්බන්ධ ගෘහස්ථ හිංසනයන් සියල්ල නියෝජනය නොකරන බවත් ගෘහස්ථ අපයෝජනයන් සාමාන්‍යයෙන් “බොහෝ දුරට අඩුවෙන් වාර්තා වී ඇති” බවත් ය.

කෙසේ වෙතත්, වාර්තා සංඛ්‍යාව මගින් හැඟීම් සහ හැසිරීම් ඔස්සේ පාපන්දු ක්‍රීඩාවෙන් ගෘහස්ථ අපයෝජනයන් උත්සන්න කළ හැකි බවට විශ්වාසය තහවුරු වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චේරන්ගේ තෝරාගත් කවි ”ළසෝ දියවෙන භූමිය” ලෙසින් සිංහලට! (PHOTOS)

කොළඹ LNW:''ළසෝ දියවෙන භූමිය'' පරිවර්තිත කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම අද...

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...

ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...