රනිල් ළඟට පැන්න පොහොට්ටුවන්ගේ නව සන්ධානය එළිදැක්වීම අනිද්දා

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක්වෙමින් ගොඩනංවන නව සන්ධානය එළිදැක්වීම අනිද්දා (05) දිනයේදී කොළඹ වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් ඔබතුමන්ලාට ඉදිරි මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කරන්න ඉඩදෙන්නෙ නැති තත්වයක් නේද තියෙන්නෙ ?

“නෑ. මේක පක්ෂයක් හදනවා නෙවෙයි, වරද්දා ගන්න එපා, මේක සන්ධානයක්. ඒ කියන්නෙ අපිත් එක්ක ඉන්න ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, අපි නියෝජනය කරන කොට්ඨාසය. අපි, මහජන එක්සත් පෙරමුණ, පිල්ලෙයාන් ඇමතිතුමා, ඊපීඩීපී එක, අසංක නවරත්න මැතිතුමා, ටිරාන් අලස් මැතිතුමා, ලන්සා ඇමතිතුමාලා, මේ සියලු දෙනාම නියෝජනය කරන පාර්ශ්ව සහ පක්ෂ ඒකාබද්ධ කරලා ගොඩනඟන සන්ධානය. ඒක පක්ෂයක් නෙවෙයි. අපේ පක්ෂය පොදුජන පෙරමුණම තමයි. ඒ සියලුම පක්ෂ ඇතුළත් සන්ධානය තමයි මේ එළිදක්වන්න යන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපිව ඉවත් කරයිද දන්නෙ නෑ, නමුත් අපට ඉවත් වෙන්න කල්පනාවක් නෑ”

ප්‍රශ්නය – මේ සන්ධානයට නමක් එහෙම තියෙනවාද ?

“ඒ ටික ඔක්කොම 5 වෙනිදාට එළිදක්වනවා. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක තමයි හිටියෙ. අපි එතුමාගෙ ගෝලයෝ. එනිසා පක්ෂය අපිව තියාගත්තත් එළියට දැම්මත් එතුමාත් එක්ක අපට තියෙන බැඳීම නැතිවෙන්නෙ නෑ”

දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (02) මල්වතු මහානායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...