ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඩොලර් බිලියන 1.4ක ආයෝජන ගෙන එ​යි

Date:

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙම වසරේ පළමු කාර්තුවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් හෙවත් ඩොලර් කෝටි 140 කට වැඩි ආයෝජන ලබාගෙන ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි.

පළමු කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,412 ක ආයෝජන යෝජනා 33 ක් ලැබී ඇති බවත් එම ආයෝජන අතර ඉන්ධන සහ පුණර්ජනනීය බලශක්ති ප්‍රභවයන්, බර කර්මාන්ත, සැපයුම් සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ආයෝජන තිබෙන බවත් ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

එම ආයෝජන යෝජනා සංඛ්‍යාව 2021 වසරේ කාර්තුවට සාපේක්‍ෂව සියයට 80 ක වර්ධනයක් යැයි කියන ආයෝජන මණ්ඩලය වසංගත සහ අස්ථාවර ආර්ථික තත්ත්වයන්ගේ බලපෑම නොතකා නව ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ව්‍යාපෘති පුළුල් කරගැනීමට එම මණ්ඩලය ආරම්භ කළ වැඩපිළිවෙල සමත්ව ඇති බව ද සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් සඳහා ස්ථාපිත කළ නව ආයෝජන පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය ඔස්සේ ආයෝජකයන්ට අවශ්‍ය සමස්ත ආයෝජන ක්‍රියා පටිපාටිය රජයේ සෙසු රේඛීය ආයතනය සමඟ එක්වී වඩාත් පහසුවෙන් ඉටුකරගැනීමට හැකි ඇති බවත් මෙය වත්මන් විදේශ විනිමය අර්බුදය ජයගැනීමට ප්‍රධාන සාධකයක් වනු ඇති බවත් ආයෝජන මණ්ඩලය කියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...