ඓතිහාසික අනුරාධපුරයෙන් ආපු අනුර කුමාර මහපොළොවේ පැලවෙලා රටට සෙවණ දෙන මහා වෘක්ෂයක් – සමන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පවුල් දේශපාලනය පසෙකට දමමින් මහපොළවෙන් පැමිණි එකම නායකයා අනුර කුමාර දිසානායක මහතා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“රනිල්ට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණෙ හිටපු ජනාධිපති ජේ.ආර්. එයාගේ මාමා වුණු නිසා. රනිල් දක්ෂයෙක්වත් වැඩකාරයෙක්වත් නොවෙයි. ඒ ගොල්ලෝ තමයි මේ රටේ මේ අර්බුදයේ පීතෘවරු. එයා තමයි රට වැඩියෙන්ම ණය කරේ. අවුරුදු හතළිස් අටක් එයා පාර්ලිමේන්තුවේ. ලංකාවේ පැරණිම රාජධානිය, අනුරාධපුරයයි. ඉන්පසු අපේ රටේ සියලු රාජධානි බිඳ වැටුණා. අන්තිමට අපේ රට සුද්දාට යටත් වුණා. එක්දහස් නමසිය හතළිස් අටේ ඊනියා නිදහසක් ලැබුණා. දැන් අර ඓතිහාසික අනුරාධපුර නගරයෙ හැදීවැඩිලා, එහෙ ඉගෙන ගෙන කැලණි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා, භෞතික විද්‍යාව පිළිබඳව විශේෂ උපාධිය දිනාගෙන, පවුල් දේශපාලනය පැත්තකට දාලා මහ පොළොවෙන් ආපු එකම නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා පමණයි. ඔහු මහපොළොවේ පැලවෙලා රටට සෙවණ දෙන මහා වෘක්ෂයක් බවට පත්වුණු නායකයෙක්”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ පෙරේදා (02) බදුල්ල නගරයේ පැවති ජන රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...