*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

කාන්තාරයේ පිපෙන බේස්බෝල් කුසුම

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 04, (LNW) කොළඹ :

ලෝකයේ දියුණු සහ බලවත් රටවල් මෙන්ම දියුණුව පැත්තට තල්ලු වන රටවල් ද තමන්ගේ දියුණුව කියා පාන මාධ්‍යයක් බවට ක්‍රීඩාව පත් කර ගනියි.අනෙකා පහසුවෙන්ම සහ ආකර්ශණීය විදිහටත්,මානුෂික ස්වභාවයන්ට අබමල් රේණුවක හානියක් නොවන ගෞරවණීය විදිහටත් පරාජය කර පෙරමුණට පැමිණිය හැකි මාධ්‍යයක් ලෙස ක්‍රීඩාව හැදින්විය හැකිය.එමෙන්ම රටේ ශක්තිමත් සහ ජවසම්පන්න බව හරහා පිළිබිඹු වන නිරෝගිකම ද එහිදී සැළකිල්ලට ගත යුතුය.


මේ ආකාරයට මූල්‍යමය ශක්තිය අතින් දියුණු වෙමින් තිබෙන මැද පෙරදිග රටවල් එම මූල්‍යමය ශක්තිය ලෝකයේ රට ජනප්‍රිය කරවීමේ සහ ලෝකය තුළ ස්ථාපිත කිරීමේ මාධ්‍යයක් හැටියට ක්‍රීඩාව යොදා ගනිමින්,තමන්ගේ දැඩි ආගමික සංස්කෘතික කාරණා පවා ලිහිල් කරමින් සිටින බවක් දැකිය හැකිය.ඒ පාරේ තවත් පියවරක් තබන එක්සත් එමීර් රාජ්‍යය ඩුබායි නගරයට ආසන්නයෙන් බේස්බෝල් යුනයිටඩ් බෝල්පාර්ක් ලෙස කලාප ඉතිහාසයේ පළමු වෘත්තීය බේස්බෝල් පිටිය ඉදිකරන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.


මෙම ක්‍රීඩාංගණය උතුරු අප්‍රිකාවේ මොරොක්කෝවේ සිට ඉන්දියාව, බංග්ලාදේශය,ශ්‍රී ලංකාව වැනි රටවල් කිහිපයක් දක්වා කිලෝමීටර 10,000 කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් පුරා ඇති එකම වෘත්තීය බේස්බෝල් ක්‍රීඩාංගනය වනු ඇත. ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන බේස්බෝල් ක්‍රීඩාංගණවලින් එකක් වන යැංකි ක්‍රීඩාංගනයට අනුරූප වන අතර, වැටවල් වම් පිට්ටනියට අඩි 318 (මීටර් 97), දකුණු පිට්ටනියට අඩි 314 (මීටර් 96) සහ අඩි 408 (මීටර් 124) වේ.


බේස්බෝල් ඉතිහාසයේ ඇති සම්ප්‍රදායන්ට ගරු කරමින් මේ ක්‍රීඩාංගණය තුළ ඓතිහාසික කියවීමකට ඉඩ සකසමින්, බේස්බෝල් ක්‍රීඩාවේ වසර 150ක සම්ප්‍රදායට උපහාර දක්වමින් නව තාක්‍ෂණය ඒකාබද්ධ කරන එක් පියවරක් ලෙස අති නවීන LED අන්තර්ගත පවුරකට අමතරව, නව බෝල්පාර්ක් එක්සත් ජනපදයේ 19 වැනි සියවසේ වෘත්තීය ක්‍රීඩාවලට අනුරූපව සාම්ප්‍රදායික ලකුණු පුවරුවක් ඇතුළත් කර ඇත.


මැදපෙරදිග සහ දකුණු ආසියාව කෙරෙහි අවධානය යොමු කළ පළමු වෘත්තීය බේස්බෝල් ලීගය වන බේස්බෝල් යුනයිටඩ්, කලාප ඉතිහාසයේ පළමු වෘත්තීය බේස්බෝල් පිටිය ගොඩ නැඟීමට ගෙන ඇති තීරණයට අනුව,එම වෘත්තීය බේස්බෝල් ලීගය හරහා ආවරණය වන රටවල ද බේස්බෝල් ක්‍රීඩාවේ යම් පිබිදීමක් අපේක්ෂා කළ හැකි අතර ඒ නිසා මෙය ඩුබායිවල බේස්බෝල් ක්‍රීඩාවට පමණක් ආශිර්වාද කරන ක්‍රීඩාංගණයක් නොවනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan