සජිත්ට බෑ අනුර පරද්දන්න – රනිල් දැන් කෙළින්ම කියයි!

Date:

කොළඹ LNW: අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන මෝඩවැඩ අනුර දිසානායකට සහයක් වන බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව අද වන විට අනුර දිසානායක සජිත් ප්‍රේමදාසට තර්ජනයක් බවට පත්ව තිබෙන බව ජනාධිපතිවරයා කියාසිටියි.

”සජිත් ප්‍රේමදාසට කිසිදවසක අනුර දිසානායකව පරාජය කරන්න බැහැ. ඇයි? මේ රටේ හැමවෙලාවෙම තරඟය තිබුණේ දෙන්නෙක් අතර. ආණ්ඩුවේ එක්කෙනයි විපක්ෂයේ එක්කෙනයි. ඉස්සරකාලේ අගමැති වෙන්න දැන් ජනාධිපති වෙන්න. අගමැතිවරයා තමන්ගේ පක්ෂය බලාගන්නවා වෙනකාටවත් නෙවෙයි තමන් අපේක්ෂකයා වෙන්න. විපක්ෂ නායකයා බලා ගන්න ඕනේ තමන් හැර වෙනත් කෙනෙක් විපක්ෂ නායකයා නෙවෙයි කියල. මම හිටපු කාලේ මම ඉඩ දුන්නේ නැහැ වෙන කෙනෙක්ට එන්න. මහින්ද රාජපක්ෂ හිටපු කාලේ ඉඩ දුන්නේ නැහැ වෙන කෙනෙක්ට එන්න. ජනතා විමුක්ති පෙරමුණ ඉස්සෙල්ලම ගිහින් මහින්ද රාජපක්ෂට එකතුවෙලා ඇමතිකම් ගන්න සිදුවුණා. ඒකාලේ තමයි ඇවිල්ලා සොරබොර වැව හැදුවේ. මම ඉන්න කාලේ යහපාලන ආණ්ඩුවට එකතු වුණා. සජිත් ප්‍රේමදාසට ඕක කරන්න තිබුණේ. හැමදාම පාර්ලිමේන්තුවේ නැගිටලා ඕපාදුප කතාකරල හැමදාම පැය දෙක තුන නාස්ති කරලා අන්තිමට මොකක්ද සිදුවුණේ. දැන් අනුර දිසානායක ඇවිල්ලා සජිත්ට තර්ජනයක් වෙලා. සමහරු හිතනවා සජිත්ව පහුකරගෙන යන්න පුළුවන් කියල. සජිත්ට බැහැ අනුර දිසානායකව පරද්දන්න. සජිත්ට බෑ. සජිත් බාග වෙලාවට කරන මෝඩකම්වලින් අනුරට දිසානායකට උදව්වක් වෙන්නේ. ඒක මතක තියාගන්න. එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාටම කියනවා මේක ආරම්භ කළේ ඩී.එස්.සේනානායක. තව ඉදිරියට ගෙනිච්චේ ඩඩ්ලි සේනානායක. ජේ.ආර්.ජයවර්ධන.රණසිංහ ප්‍රේමදාස. ඒ උරුමය තමයි මම මෙතනට අරන් ඇවිත් තියෙන්නේ. මේ සැරේ ඒක අරගෙන ඇවිල්ල තියෙන්නේ රට වෙනුවෙන් මේ හැම කෙනාම එක්ක එකට එකතුවෙලා වැඩකරන්න.” යනුවෙන් වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...