*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

විසඳූම කා ළඟ ද ?

නායකත්වයක් නැති අරගලය කෙබඳු අන්තයක් කරා තල්ලුවේදැයි කිසිවකුටත් කිව නොහැකිය. මේ වන විටත් පෞද්ගලික නිවාස ගණනාවක් විනාශ කර ඇත. මෙය මිනීමැරුම් තත්ත්වයක් දක්වා ව්‍යාප්ත විය හැකිය. සාමාන්‍ය ජනතාව අතර සිට තමතමන්ගේ අරමුණු ජය ගැනීමට ක්‍රියා කරන කණ්ඩායම් ද විරෝධතා රැල්ලට එකතුවී සිටිති. එය භයානකය. දැනට ම අරාජික තත්ත්වයක් ගොඩනැඟෙමින් පවතී.

රටේ මූලික ගැටලුව බවට පත්ව තිබුණේ ආර්ථිකයේ කඩාවැටීමයි. දැන් එය දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වී ඇත. දේශපාලන අර්බුදය විසඳාගෙන රාජ්‍ය පාලනය ශක්තිමත් නොකළ හොත් ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න විය හැකිය. මේ වන විට සමහරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට කතා කරති. තව සමහරු විසි වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්නට කතා කරති. තවත් සමහරු ජාතික ප්‍රතිපත්තියක් ගැන කතා කරති. එකිනෙක දේශපාලන කණ්ඩායම් විවිධ මාතෘකා ඉදිරියට දමමින් තර්ක ඉදිරිපත් කරති. එහෙත් අර්බුදය එතැනමය. එහි දිග, පළල හා ගැඹුර දිනෙන් දින වර්ධනය වෙයි. මේ කල් මැරීමට අවස්ථාවක් නොවන බව කාගේත් දැනගැනීම සඳහා සටහන් කර තබන්නෙමු.
කථානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී යෝජනා තුනක් ඉදිරිපත් කර ඇත. පළමු යෝජනාව වන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමය. පාර්ලිමේන්තුව විසිරුවා හරින්නේ නම් කඩිනම් මැතිවරණයක් පැවැත්විය යුතුය. දෙවන යෝජනාව වන්නේ පාර්ලිමේන්තුව තුළින් නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමය. එය සිදු වීමට නම්, බලයේ සිටින ජනාධිපතිවරයා ඉවත් විය යුතුය. තුන්වන යෝජනාව වන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ජනතා ගැටලුවලට කෙටි කාලයක් තුළ විසඳුම් දීමය. නිශ්චිත කාලසීමාවකින් පසු නැවත මැතිවරණ වෙත යා හැකිය. මේ එකක්වත් පහසුවෙන් ඉටු කර ගත නොහැකිය. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාව ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ප්‍රතික්ෂේප කළ හැකිය. සමස්තය දෙස බලන විට පෙනී යන්නේ දේශපාලන අර්බුදය ද සංකීර්ණ තැනක පවතින බවය.

පවත්නා අර්බුදය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් මේ දිනවල පවතී. විවාදය හොඳින් නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ එකිනෙක පක්ෂවල නියෝජිතයන් තම තමන්ට වාසිදායක දේවල් ගැන පමණක් කතා කරන බවය. අර්බුදය සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කරන්නේ කිහිප දෙනකු පමණි. තවම එකිනෙකාට මඩ ප්‍රහාර හුවමාරු කරගැනීම ද නතර වී නැත. මෙබඳු බරපතළ අවස්ථාවකදී ව්‍යවස්ථාදායකය මීට වඩා වගකීම් සහගත ලෙස ක්‍රියා කළ යුතු බවක් අපට හැඟෙයි. පාර්ලිමේන්තුව තුළ ද ගැටුම් ඇති වුව හොත් ජනතාව දේශපාලකයන් කෙරෙහි ඇති කරගෙන තිබෙන කලකිරීම තවත් වර්ධනය විය හැකිය. එය යහපත් දෙයක් නොවේ. දැනට අරගලය තුළ දී කියැවෙන ප්‍රධාන සටන් පාඨයක් වන්නේ පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහම ඉවත් විය යුතු බවය. එය කළ නොහැකි දෙයක් වුව ජනතා හැඟීම එයින් ප්‍රකට වෙයි.

මේ කල් මැරීමට අවස්ථාවක් නොවේ යන්න යළිත් අවධාරණය කළ යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන සේවාවට අයත් ප්‍රධාන වෘත්තීය සමිතිය ද මේ තත්ත්වය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. විරෝධතා දිග්ගැස්සෙන තරමට ආර්ථිකය පිරිහෙයි. විසැඳුම් පමා වන තරමට අර්බුදය තවත් ව්‍යාප්ත වෙයි. මේ අතර ප්‍රචණ්ඩත්වය පැතිර ගිය හොත් කිසිවකුට නිදහසේ ජීවත් වීමට බැරි තත්ත්වයක් ඇති වීමට පුළුවන. 1988 – 1991 තත්ත්වයට රට ඇද දමන්නට එපා යැයි සමහරු දැනටම අනතුරු හඟවති. ඇතැම් දේශපාලන නායකයන් හොරු ඇල්ලීමක් ගැන ද කතා කරනු දැක ගත හැකිය. හොරු අල්ලන්නට පෙර ශක්තිමත් පාලන ව්‍යූහයක් සකස් කර ගත යුතුය. එසේ නොවුණ හොත් ජනතාව සතු සම්පත් ජනතාවම කොල්ලකන්නට ඉඩ තිබේ.

ඇත්ත Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan