රනිල්ගේ සහ අනුරගේ කටකතා වලට සජිත්ගෙන් පිළිතුරු

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ එකතු වී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර හවුලක් ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවත් සමගි ජන බලවේගය රට විනාශ කළ අය සමග එවන් කිසිදු ආකාරයේ හවුලකට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“අපට පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා, දර්ශනයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරපු මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වෙලා තිබෙන බොහෝ දේවල් කරන්නට බැරිය කියපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දැන් තරගෙට එස්. එම්. එස්. පණිවිඩ හරහා රටට කියනවා ඒගොල්ලොත් සමගි ජන බලවේගයේ අඩිපාරේ එනවාලු. මම ඒගොල්ලන්ට කියන්න කැමතියි අපේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන මොහොතක අද ජනතා විමුක්ති පෙරමුණයි ජනාධිපතිවරයායි එකට එකතුවෙලා බොරුවට කටකතා හදලා මුහුණු පොතේ සහ විවිධ වෙබ්සයිට්වලට මුදල් ගෙවලා ප්‍රවෘත්ති දමනවා. අපි එක්කහු වෙනවාලු. මම ඔබට කියන්න කැමතියි 21 වෙනිදාට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරලා අපි එකතුවෙන්නෙ මේ රටේ ලක්ෂ 220ක් පොදු ජනතාව එක්කයි. අපි මේ ජරාජීර්ණ වුණු, පරාජිත, අන්ත දූෂිත දේශපාලන හවුල්වලට යන්නෙ නෑ. මං දන්නවා ජනාධිපතිවරයාටයි මාලිමාවේ නායකවරයාටයි ලොකු ආසාවක් තියෙනවා එකතුවෙන්න. ඒ දෙන්නාට ඕනෙ නම් එකතුවෙන්න පුළුවන්. සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් මොනම හේතුවකටවත් ඔය රට විනාශ කරන කල්ලි එක්ක එකතු වෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ගාල්ලේදී පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් සමුහ මිනීවළක් ඇති බවට තොරතුරු හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, කොළඹ LNW: තවත් සමුහ මිනීවළක් ඇති...

යුක්රේනයට හමුදා සහය ලබා දීම සඳහා මිත්‍ර පාක්ෂිකයන් 26 දෙනෙකු සුදානම් බව ප්‍රංශ ජනාධිපතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනය වෙනුවෙන්...

කපුටාට කේජු කන්නට ඕනිනම්….

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 05, කොළඹ LNW: කරාටේ කණ්ඩායමකට විදේශගත වීමට...

තායිලන්තයේ නව අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් කංසා නීති වෙනුවෙන් පෙනී සිටි ධනපතියකු පෙරමුණට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ මීළඟ...