නවලෝක සහ ආසිරි යන පෞද්ගලික රෝහල වල බොහෝ සැත්කම් ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුව ඇති බව වාර්තා වෙයි.
ඒ, පවතින නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් බව සඳහන්.
මෙය දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුකර ඇති අතර මේ හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබෙන අතර ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් ගෙන යන විරෝධතාවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ජනතාවගෙන් පළිගැනීමට රජය කටයුතු කරමින් සිටින්නේද යන්න රෝගීන් විසින් දැන් ප්‍රශ්න කරමින් පවතියි.
මේ වන විට විෂයභාර අමාත්‍යවරයෙක්ද නොමැති තත්ත්වයක් සම්පූර්ණ ක්‍රියාවලියම අයාලේ යමින් තිබෙන අතර ඊයේ දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නියැලුණේ පවතින ඖෂධ හිඟයට වහාම විසඳුම් දෙන ලෙස රජයට බලකරමිනි.
ASK