හිටපු මහ ඇමති නන්දිමිත්‍ර ඒකනායකත් සජිත් සමග එක්වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

මධ්‍යම පළාත් හිටපු මහ ඇමති නන්දිමිත්‍ර ඒකනායක මහතා ද සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් ඒ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සමග එක්ව තිබේ.

ඒ අනුව, නන්දිමිත්‍ර ඒකනායක මහතා ඊයේ (05) මිනුවන්ගොඩදී පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක රැලියට එක්වූයේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු වන නන්දිමිත්‍ර ඒකනායක මහතා මධ්‍යම පළාත් මහ ඇමතිවරයකු ලෙස මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ කැබිනට් අමාත්‍යවරයකු ලෙසත් කටයුතු කර ඇත.

එමෙන්ම ඒ මහතා ශ්‍රීලනිප නියෝජ්‍ය මහලේකම්වරයා ලෙසත් කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...