*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය 2022 දී 2.4% ට පහත වැටෙනු ඇතැයි ADB බැංකුවෙන් අනතුරු ඇඟවීම්!

කොවිඩ් උවදුරෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථික මට්ටම යම් ප්‍රගතියක් ඇතිවීම කෙරේ අවධානය යොමුකළේ ද එයද දැන් පහත වැටී ඇති බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) බැංකුව පෙන්වා දෙයි.

ADB බැංකුවේ වාර්ෂික ආර්ථික ප්‍රමුඛතා ප්‍රකාශනය (annual flagship economic publication) මඟින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ඉහළ ණය, අඩු විදේශ සංචිත සහ උද්ධමන පීඩනය හේතුවෙන් මෙසේ ආර්ථිකය පහත වැටී ඇති බවයි.

සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීම සහ මහජන සෞඛ්‍ය තත්ත්වයන් වැඩිදියුණු වීම මත 2022 වර්ෂයේ දළ දේශීය නිශ්පාදිතය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර තිබිණි. එමෙන්ම, මේ සඳහා සැලකිය යුතු මට්ටමක ආයෝජනයන් සිදුවනු ඇති බව ද විශ්වාස කර තිබිණි.

මෙම වර්ෂය තුළ ආර්තිකය සියයට 3.1 කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබූ මුත් එය ඉකුත් මාසයේ පුරෝකථනයට වඩා සියයට 0.3 කින් පහත වැටී තිබේ. මෙය 2023 වර්ෂයේ දී සියයට 4.1 කින් ඉහළ යනු ඇති බව ද පුරෝකථනය කර තිබිණි.

මෙම කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතයේ වාර්ෂික වර්ධන වේගය සියයට 3.30 වනු ඇතැයි Trading Economics ගෝලීය සාර්ව ආකෘතිය සහ ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කර තිබිණි.

කෙසේවෙතත්, විදේශ ප්‍රේෂණ පහත වැටීම සහ සංචාරකයන් ගේ පැමිණීම සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබේ. ඊට හේතුව, අවිධිමත් ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙස සාර්ව ආර්ථික මූලධර්ම කළමනාකරණය කර ගැනීමට වත්මන් රජය අසමත් වීම යි. මෙමඟින් රට තුළ බරපතල දේශපාලනික අස්ථාවරභාවයක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව, මෙම වසරේ කල් පිරෙන ඩොලර් බිලියන 07 ක ණය පියවීම හමුවේ ශ්‍රී ලංකාව බරපතල අර්බුදයකට මුහුණ පා තිබේ.

ADB බැංකුව අනතුරු අඟවන්නේ මතුව ඇති තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2022 වර්ෂයේ සියයට 2.4 දක්වා පහත වැටෙනු ඇති බවයි. 2023 වන විට මෙය උපරිම සියයට 2.5 දක්වා වර්ධනය වනු ඇති බව ද එම බැංකුව පුරෝකථනය කරයි.

කොවිඩ් වසංගතයේ ඔමික්‍රෝන් ප්‍රභේදය රටින් පහව ගිය ද ශ්‍රී ලංකාව අර්බුද කිහිපයකටම මුහුණ පෑමට ඉඩ තිබෙන බව ADB බැංකුව මීට ඉහත අනාවරණය කර තිබිණි. ඉහළ යන ආහාර, භාණ්ඩ, ඉන්ධන, ආනයන මිළ, සැපයුම් දාම කඩාවැටීම, විදේශ විනිමය කඩා වැටීම හා උද්ධමනය ඉහළ යාම ආදී අර්බුද කිහිපයකටම ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බව එම බැංකුව පෙන්වා දී තිබිණි.

කෙසේවෙතත්, ගෝලීය මිල පහත වැටීම සහ සැපයුමු සීමාවන් ලිහිල් වීම මත එළඹෙන වර්ෂයේ දී උද්ධමනය යම් මධ්‍යස්ත තත්ත්වයකට පත්වනු ඇති බව එම බැංකුව පුරෝකථනය කරයි.

සාර්ව ආර්ථික දුබලතා, තවමත් මුළුමනින්ම පහව ගොස් නොමැති කොවිඩ් වසංගතයේ ඇතැම් බලපෑම්, බලශක්ති හිඟය ඇතුළු කරුණු කිහිපයක්ම රටෙහි ආර්ථිකයට බලපා තිබේ. තිරසාර ගෙවුම් ශේෂ මූල්‍යකරණය සඳහා ප්‍රවේශය නොමැති විට, විදේශ විනිමය සංචිත සීමා කෙරෙනු ඇති අතර, ආනයන-අපනයන අංශයේ දුර්වලතා ද දිගටම පවතිනු ඇති බවයි ADB බැංකුව අනතුරු අඟවන්නේ.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan