සංස්කෘතියට හානි වෙන කිසිම තීන්දුවක් ගන්නේ නැහැ – නාමල්

Date:

කොළඹ LNW:රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන ගොඩනැගුණු අප මාතෘභූමිය තුළ අනෙකුත් සංස්කෘතීන් ආරක්ෂා කිරීමේ වගකීම ද තමා පිහිටුවන ආණ්ඩුවක් සතුව තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා අනාගත දරු පරම්පරාව ගමත්,පන්සලත්, පල්ලියත්, කෝවිලත් සමඟ සම්බන්ධ කොට සංස්කෘතීන්ට ගරුකරන සමාජයක් බිහිකිරීමේ වගකීම තිබෙන බවද සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පුත්තලම කඩයාමොට්ට හන්දියේ පැවති ජනරැළිය අමතමිනි.

”අපි හැමදාම මේ රටට ආදරය කරපු දේශපාලන බලවේගයක්. අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නැහැ. ඒ වගේම තමයි හැමවිටම මේ රටේ මිනිස්සු ගැන හිතලා අපි තීන්දු තීරණ ගත්තා. එක වෙලාවක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කරන්න අපි තීන්දුව ගත්තා. ඒ මේ රටේ ඉපදෙන්න ඉන්න පරම්පරාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. මංමාවත් ටික හැදුවා. ඇළ වේළි ටික හැදුවා. කොළඹ පාසැල්වලට සමාන පාසැල් ගමට ගෙනවා. ගමේ දරුවට නගරෙ දරුවගේ අධ්‍යාපනය ගන්න පුළුවන් පරිසරයක් එදා අපි හදලා දුන්නා. කොළඹට, මහනුවරට පමණක් සීමා වුණ රාජ්‍ය සේවය වගේම පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ රැකියාවන්ට ගමේ දරුවටත් අවකාශය හදලා දුන්නා. අවාසනාවකට 2015 දී
අපි වෙනසක් කළා. මේ රටේ ජනතාව සියල්ලම අතරමඟ කඩාගෙන වැටුණා.මම හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්වපු තැනින් රට ඉදිරියට අරන් යන්නෙ කොහොම ද කියන කාරණය තමයි මට තියන වගකීම සහ අභියෝගය වෙන්නෙ.

දේශපාලනඥයන් පිටුපස යන්න මේ රටේ තරුණ පරම්පරාව සූදානම් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි හදන්නේ තරුණයන්ගේ ආණ්ඩුවක්.තරුණයන්ගේ ආණ්ඩුවක් තුළ නිපුණතාවයට, හැකියාවට, පුහුණුවට පළපුරුද්දට අභිමානයෙන් යුතුව රැකියාවක් කරන්න පුළුවන් පරිසරය මෙන්ම වපසරිය අපි නිර්මාණය කරනවා. කර්මාන්තපුර සඳහා ආයෝජකයෝ ගේන්න ඕනෙ. ආයෝජකයෝ ගේනකොට නිකං ආයෝජකයෝ ගෙනල්ලා හරියන්නෙ නැහැ. ඒවායේ තිබෙන කර්මාන්තවලට අවශ්‍ය පුහුණු ශ්‍රමය මේ ගම්වලදරුවන්ට අපි පුහුණු කරනවා. ඒ පුහුණු කිරීම තුළින් පමණයි කර්මාන්තශාලාවේ හෝ ආයතනයේ රැකියාවක් අපේ ගමේ දරුවට ලැබෙන්නේ. ඒ වැඩපිළිවෙලත් එක්කයි අපි ආණ්ඩුවක් පිහිටුවන්නේ. අද මැතිවරණවේදිකාව දිහා බැලුවම සමහර ප්‍රතිපත්ති ප්‍රකාශන කියන ඒවා ප්‍රායෝගික නැද්ද කියන ප්‍රශ්නය අපි හැමෝටම තියෙනවා. සමහරු මැතිවරණ වේදිකාව තුළ ආගම, දහම, සංස්කෘතිය පාවලා දෙනවා. මේ රටේ සංස්කෘතියට හානියක් වන කිසිම දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කරන්න ඉඩ තියන්නේ නැහැ කියන එක මම වගකීමෙන් කියනවා.අපේ සංස්කෘතියට හානි වන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළු සුළු දේවල්වලට නම් හිරේ දාන එක වැරදියි!

කොළඹ LNW:සුළු සුළු කාරණා මත, දේශපාලන නායකයන් අල්ලා හිරේ...

රනිල් වෙනුවෙන් විපක්ෂයේ නියෝජිතයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට...

අරෝෂ 72 – 102 දක්වා ඉහළ නංවයි!

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

Waters Edge දැන් නව ගමනක..

අගෝස්තු 24 කොළඹ LNW: නාගරික සංවර්ධන ඉදිකිරීම් හා...