ජනනිට මුල් අටට එන්නට නොහැකි වෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 07, (LNW) කොළඹ :

පැරිස් පැරා ඔල්ම්පික් උළෙලේ ටී 47 කාණ්ඩයෙන් දුර පැනීමේ ඉසව්වට සහභාගි වූ ජනනි ධනංජනාට අවසන් අට දෙනා අතරට ඒමට හැකි වුණේ නැහැ.තරගයට ඉදිරිපත් වූ 11 දෙනෙක් අතරින් අයට හිමි වුනේ නව වන තැනයි.ඇයගේ ඉහළ දක්ෂතා සඳහා පිවිසීමට නොහැකි වූ ප්‍රධානතම හේතුව වූයේ තරගයේ මුල් පිමි දෙක නො’නිල පිමි ලෙස සටහන් විමයි.මෙවැනි අවස්ථාවක ඇයගේ සිරුරේ හැසිරීම මෙන්ම මනසේ හැසිරීම ගැන ද අත්දැකීම් ඇති පෞද්ගලික පුහුණුකරුවා සිටියේනම් වැදගත්.එහෙත් ජනනිට මේ සංචාරයට පෞද්ගලික පුහුණුකරුවන් තීරණය කිරීමේ දී සිය පුහුණුකරුවා රැඟෙන යන්නට අවස්ථාවක් හිමි වුණේ නැහැ.


මූල්‍යමය කාරණා මත එසේ සිඳුවන්නට හැකි නමුත්,ක්‍රීඩා අමාත්‍යංශය පැරිස් ඔලිම්පික් උළෙල සදහා සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ට අවස්ථාව ලබා දුන්නා සේ මෙහිදී ද අවස්ථාව ලබා දුන්නේ නම් ජනනි ධනංජනාගේ අනාගත වටිනාකම තව තවත් ඉදිරියට යාමට තිබුණු බව අපේ හැඟීමයි.
පළමු පිමි දෙක නොනිල වීම නිසා ජනනි සිය තෙවන පිම්ම නිල පිම්මක් කර ගැනීමේ වැදගත්කම සිතා පැන්න අතර එය මීටර් 4.96 ක් දුර පිම්මක් වුණත්,අවසාන තරගයට ක්‍රීඩා කරන අට දෙනා අතරට එන්නට එව ප්‍රමාණවත් වුණේ නැහැ.එම පිම්ම ජනනිගේ උපරිම දක්ෂතාවය වන මීටර් 5.23 නොවී,මීටර් 5.15 ට වඩා වැඩි වූයේ නම් ඇයට තවත් පිමි තුනකට අවසන් අට දෙනා අතරේ තරගයේ දී ඉඩ හිමි වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...

ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...