*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

(වොෂින්ටන් වෘකයා)

🍎හැමෝම කරනවා කරනවා කිව්වට කරල පෙන්නපු එකම නරියා….?

🍎IMF එක්ක සජීවී සංවාදය මග ඇරිය අපේක්ෂකලා…..?

🍎FCID දාගෙන එක හොරෙක්වත් නොඅල්ලපු අය කවුද…..?

🍎හරීන් ,රංජිත් රහස් සංවාදය……?

🍎ගෑස් ටැංකිය ජනරැළි අඩු කළේ ඇයි…..?

🍎නරියා, සුහුරා හා ලපයා ගේ රැළි තරගය…..?

🍎මාළිමාව බණ්ඩාරවෙල දී මහදවල් කල මහා හොරකම……?

🍎මාළිමාවට රට බාර දෙන්න ඔවුන් රටට කල සේවය කුමක්ද….?

🍎රතු ආණ්ඩුවක් ආවොත් රට හා කලාපයේ ආරක්ෂාවටත් අභියෝග….?

 🍎මාළිමාව දෙවන මනාපය ගැන කතා නොකරන බියජනත හේතුව…..?

🍎සමාජ මාධ්‍යයෙන් විකෘති  මත හදන ටූල් ගෙනා නඩය….?

🍎චොකා, පස්, හාල් හා ලෝගු ට ස්වීප් ඇදුන හැටි..?

ගෑස්, ටෙලිපෝන් හා මාළිමා අතර දැන් යුද්ධයකි. වැඩක් කර පෙන්වා බලය ඉල්ලන්නේ කපටි නරියා ය. සක්වල සුහුරා හෙවත් සජිත් ස්මාට් පංති බස් හා වෛද්‍ය උපකරණ දීම හෝ කර තිබුණ ද සමාජ මාධ්‍ය තුළ  ලපයා නම ඇත්තා හෙවත් අනුර කරපු දෙයක් තිබේදැයි පෙන්වන්නට දෙයක් නැත. ජවිපෙ හා කොටි රට වනසන ත්‍රස්ත ක්‍රියා වලින් නම් කප් ගැසූ බව රහසක් නොවේ.

“අනුර කෘෂි ඇමතිකම කරල වැව් 1000 ක් හාරන්න ප්‍රචාරයට ලොකු මුදලක් යට කරල වැඩ පටන් ගත්තා. හාරපු එක වැවක් තියෙනවද. එකක්වත් හෑරුවෙ නෑ කියල ජවිපෙම දැන් පිළිගන්නවා. 2004 දි ජවිපෙට කැබිනට් හා නියෝජ්‍ය ඇමතිකම් 08 ක් ලැබුණත් කරගන්න බැරුව බොරු හේතු දාල පැනල ගියා. 2015 යහපාලනේ එක්ක සෙට් වෙලා FCID දාගෙන හොරු අල්ලලා දඬුවම් කරන වැඩේ බාරගත්තා. අල්ලපු එක හොරෙක් නෑ. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ජවිපෙ දිනුවට ඊලග පාර මිනිස්සු එළෙව්වා.  V – fm රේඩියෝව අරන් ජවිපෙ ට  කරගන්න බැරුව ඒකත් දීල දැම්මා. ඉතිං මොන හේතුවට ද ජවිපෙ ට රටක් බාර දෙන්නෙ” ගෑස් ටැංකි ඡන්ද මෙහෙයුම් පිරිස හමුවූ විද්වතුන් මතුකළේ එයය.

“යුද්ධයට සහාය දුන් නිසා ගෝට ට සමාජ මාධ්‍ය රැළ්ලක් ආවා. මේ පාර  එහෙම රැළ්ලකට කිසිම හේතුවක් නෑ. වෛරය හිතේ තියාගෙන ඡන්දෙ දුන්නොත් පරිප්පුව ජනතාවටමයි” එහිදී වැඩි දුරටත් විග්‍රහ විය.

ජනපතිවරණ බෝම්බය පත්තුවීම ඇරඔුණේ තැපැල් ඡන්ද වලිනි. හමුදාව පොලීසිය හා තව පිරිස් රනිල් ට දෝලනය වෙද්දී ගුරුවරු හා නොමග ගිය වැඩ කරන කොටස් වෙනත් පැති වලට ඇදී ගියහ. සටන දැන් දෙදෙනෙකු ද තිදෙනෙකු අතරදැයි තේරුම්ගත නොහැකි ලෙසටම තීර්ව වී තිබේ.

නරියා, සුහුරා හා ලපයා රැස්වීම් තියන්නේ තරගෙටය. වැය කරන්නට  මුදල් කෝටි ගණන් නරියාට නැත.

“ප්‍රධාන රැළි හැර අනිත් ඒවට ලොක්ක නොයන්නෙ ඇයි”සමහරු ඇසුවේ එනිසා ය.

“මැතිවරණ කොමිසම මුදල් වැය සීමා කරපු නිසා ප්‍රධාන රැළි වලට විතරක් යනවා” පිළිතුරු දුන්නේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ අයය.

සෙනසුරාදා බණ්ඩාරවෙල ගිය රනිල් දැවැන්ත රැළියකට එක්විය. පසුව පොළොන්නරුව ත්‍රි’මලේ කාත්තන්කුඩි හා රෑ 10 ට සමන්තුරේ යනවිටත් දහස් ගණනක් රැදී සිටීම මවිතයට හේතු විය. පසුදා කැකිරාව වව්නියාව හලාවත හා දොම්පේ රැළි ද නිමකළේ ජන ගගක් මැදය.

“ලොකු ෂෝ දැම්මට වෙන අයට එහෙම එක දිගට රැළි කරගන්න බෑ. අනික ජනාධිපතිගෙ රැළි ගණන එක්ක සමහර තැන් වලදි අනිත් අයට හැරෙන්නත් බෑ. ජනාධිපතිගෙ බණ්ඩාරවෙල රැළියෙ පොfටෝ මාළිමාවෙ වැලිමඩ අසාර්ථක රැළියෙ සමාජ මාධ්‍ය ප්‍රචාරයට හොරට අරන්. මාළිමාව ඒ තරමට බංකොලොත්” වජිර කීවේ මළ පැනලාය.

“මාළිමාව සල්ලි දාල සෝෂල් මීඩියා ටූල්ස් ගෙනැත් එයාලගෙ හිල් වුණු බැලුම සෝෂල් මීඩියා වල පුම්බනවා” තවදුරටත් කියවින.

“IMF එක්ක සජීවීව කතාකරන්න ජනාධිපතිතුමා දීපු අභියෝගයට සජිත් බොරුවට හරි හා කිව්වා. අනුර පැනලම ගියා. ජනාධිපති ගෙ වේදිකාවෙන් අහන ප්‍රශ්න වලටත් එයාලට උත්තර නෑ”ඇමති ෂෙහාන් කීය.

“සජිත් හා අනුරට දෙන ඡන්ද සමානයි” නරියා මයියංගනේ දී සුහුරා හා ලපයා ට එකට තියා ටොකු ඇන්නේය.

“රාජ්‍ය සේවකයන්ට 10,000 ක් දෙවරක් දුන්නෙ ජනාධිපතිතුමයි. හැමෝම ‘කරනවා’ කිව්වට “කරල පෙන්නුවෙ” එතුමා විතරයි” මහාචාර්ය ආශු ගේ විග්‍රහය කවුරුත් අනුමත කළහ..

“කැබිනට් එක පළාත් පාලන නාමයෝජනා අවලංගු කරපු එක හොදයි. 900 ක් පක්ෂ මාරුකරලා නිසා ඒ සමහරු දේශපාලනය කරන්න බැරුව හිටියෙ” මනූෂ කීය.

“සජබ බ්ලූ ප්‍රින්ට් ආර්ථික වැඩ පිළිවෙලයි සජබ ප්‍රතිපත්ති ප්‍රකාශයයි පරස්පරයි” ඇමති ෂෙහාන් කීවෙි එහෙමය.

“බ්ලු ප්‍රින්ට් එක හැදුවෙ සජබ අය. ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවෙ සජබට ආපු අයයි”තව දුරටත් කියවින.

“බ්ලූ ප්‍රින්ට් එකේ හමුදාව හා රාජ්‍ය සේවය කපනවායි තිබුණා. කවුරුත් මේව කතා කරන්නෙ නෑ” නරියා කල්යල් බලා ගුග්ලියක් දැම්මේය.

“සජිත් හා අනුර ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශ වල තරුණ, සමාජ, ආර්ථික පදනම් පරස්පරයි. ඒ බොහෝ දේවල් ජනාධිපතිතුමා දැනටත් පටන් ගත්ත ඒවා. එක අතකට ලැජ්ජ නෑ” හරීන් ඇදලා ඇරියේය.

“හරීන් හා සජබ රංජිත් ගේ සංවාදය මොකද්ද” එහිදී විමසින.

“ජනපතිවරණය ගැන කතාකලා. මේ පාර 50% කාටවත් නෑ. මාළිමාව දෙවන මනාපෙ ගැන කතා නොකරන්නෙ එහෙම එකක් එයාලට දෙන්න කෙනෙක් ලොවෙත් නෑ කියල දන්න නිසයි” හරීන් කීවේ කොක්හඬලමිනි.

දෙමළ නායකයෙකු වන විග්නේෂ්වරන් කීයන්නේ දෙමළ සමාජය රතු ආණ්ඩුවකට අකමැති ඉන් ලංකාවේ හා කලාප ආරක්ෂාවට දැඩි තර්ජණයක් සිදුවන නිසා බවය.

වෙනත් වේදිකා වලදී තමන් ද ඇමතිකම් කළ මේ ආණ්ඩුවේ පතුරු යවන අයගෙ ඇමතිකම් ගැන නිතරම පැමිණිලි ගලා ආහ. ඒ අය වහාම තනතුරු වලින් ඉවත් කරන නියෝගය සමන් ඒකනායකට පැමිණි අතර රත්නපුර චොකා, පොළොන්නරු හාල්, ගම්පහ පස් හා ගාල්ලේ ලෝගු ට ස්වීප් ඇදුනේ අනතුරුවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan